ආබාධිත පුද්ගලයින්ට ඡන්දය දාන්න නොමිලේ ප්‍රවාහන පහසුකම්: මැ. මහ ලේකම් කාර්යාලය

ආබාධිත පුද්ගලයින්හට ඡන්ද මධ්‍යස්ථාන වෙත යාම සඳහා හෙට දිනයට පෙර ප්‍රවාහන පහසුකම් ඉල්ලූම් කරන ලෙස  මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ආබාධිත පුද්ගලයින්ට  නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ඉල්ලුම් කළ යුතු වෙයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 07 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන  බව …

Continue Reading

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි 8 දා

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ. විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණි. හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) පෙරවරුවේ අපවත් …

Continue Reading

නඩුවලින් කට්ටි පනින්න හැදූ ගෝඨාට වැඩ වරදී

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානීයා ලෙස කටයුතු කළ, මිනී මැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම තමාට එල්ල වී තිබෙන චෝදනා සහ නඩුවලින් පැන යාමේ කූට සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අනාවරණය වේ. එහි එක් අදියරක් ලෙස ගෝඨා මෙරට ප්‍රබල සහ ඉහළ දේශපාලඥයින් රැසක්ද ගොනාට ඇන්දවීමට කටයුතු කර ඇත. එම දේශපාලන ඇන්දවීමට සමගාමීව …

Continue Reading

70 වෙනි නිදහස් දිනය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 7 ක මිල පහතට

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන හැත්තෑවැනි 70 ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක 7 මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසීය විස්සක මිලකටත්, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් හැටක මිලකටත්, කැඩුනු සහල් කිලෝවක් රුපියල් පනස් නවයක මිලකටත්, පරිප්පු කිලෝවක් එකසීය පනස් නවයක මිලකටත්, මුං ඇට කිලෝවක් …

Continue Reading

ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ අංශයේ හිටපු ඕ.අයි.සී රිමාන්ඩ්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගස්කිස්ස අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ මස 16 වන දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

Continue Reading

බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග (Video)

බැඳුම්කර කොල්ලයට අදාළ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින මහ බැංකුවේ හිටපු අධිපති දැනට විදෙශ ගතව සිටින සංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍ර මහතාට ලබන 15ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන …

Continue Reading

ශ්‍රී ලංකා- බංගලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 513ක් රැස්කර ගත්තේය. එහිදී බංගලාදේශය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mominul Haque ලකුණු 176 ක් රැස්කරගත්තේ හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමඟින්. Mushfiqur Rahim ලකුණු 92 ක්රැස්කර ගත් අතර අනතුරුව Mahmudullah ලකුණු 83ක් රැස්කරමින් බංගලාදේශ කණ්ඩායම ඔසවා …

Continue Reading

ඡන්දය දැමීමෙන් වැලකෙන අයට අයකුට රු.2000ක් ගෙවන කල්ලියක්

ඡන්දදායකයන්ගේ නිල ඡන්ද කාඩ්පත් සහ හැඳුනුම්පත් මුදලට එකතුකර එම ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වළක්වා සිටීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව පොලිසිය කණ්ඩායම් තුනක් යොදා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එක පුද්ගලයකුට රුපියල් දෙදහසක පමණ මුදලක් ලබා දෙමින් ආරම්භ කර ඇති එම කුමන්ත්‍රණයෙන් මේ වන විටත් බොහෝ පිරිසකට එසේ මුදල් ලබා දී ඇති බවටද තොරතුරු හෙළි වී …

Continue Reading

ඡන්ද කොල්ල කන අයට වෙඩි තියන්න පොලිසියට බලය

ඡන්ද මධ්‍යස්ථානයක් යම් කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඡන්ද කොල්ලකෑමක් සිදු කළොත් වෙඩි තබා ඝාතනය කිරීම දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට බලතල ලබා දී තිබේ. මැතිවරණ ආඥා පනතේ 93 සහ 96 වගන්තිවලින් එම බලය ලබා දී ඇති අතර එම පනතේ 92 (4) උප වගන්තියේ සීමා කිරීම්වලට යටත්ව සෑම පොලිස් නිලධාරියකුටම එම බලතල පැවරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ …

Continue Reading

මැකෝ පැනවූ සීමා කැඩූ කිරිඇල්ලට , මුස්තාෆාට වේවැල් පාර වදියිද?

පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ලක්‌ෂ්මන් කිරිඇල්ල හා ෆයිසර් මුස්‌තාපා යන ඇමැතිවරුන් සිදු කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ අද (02 දා) පැවැත්වෙන පක්‌ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට ඉදිරිපත් කර තීරණයක්‌ ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා දෙන්නේ අගමැතිවරයා බැවින් තම පක්‌ෂයට ආයතනවල බලය ලබා දෙන ලෙසට ඇමැති ලක්‌ෂ්මන් …

Continue Reading