ශ්‍රී ලංකා- බංගලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

Spread the love

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 513ක් රැස්කර ගත්තේය.

එහිදී බංගලාදේශය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mominul Haque ලකුණු 176 ක් රැස්කරගත්තේ හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමඟින්.

Mushfiqur Rahim ලකුණු 92 ක්රැස්කර ගත් අතර අනතුරුව Mahmudullah ලකුණු 83ක් රැස්කරමින් බංගලාදේශ කණ්ඩායම ඔසවා තැබීය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා මෙහෙයක් කරමින් රංගන හේරත් කඩුලු 03 ක් දවා ගත්තේය.

සුරංග ලක්මාල් සහ සඳකැන් කඩුලු 02 බැගින් දවා ගැනීම ද විශේෂත්වයක්.

සිය පළමු ඉනිම සඳහා ලකුණු 513ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් බංග්ලාදේශ කණ්ඩායම එල්ල කළ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා පිල චිතගොං නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (1) නිමාවට පත්වෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවෙයි. ඒ අනුව ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ පළමු ඉනිමට වඩා කඩුලු 9ක්ම අතැතිව ලකුණු 326ක් පසුපසින් සිටී.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු ලබාගැනීමටත් පෙර බිඳ වැටුණත් කුසල් මෙන්ඩිස් සමග එක්වූ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම පිළිසකර කරමින් ගෞරවය රැක දීමට සමත්වූයේ සිය ටෙස්ට් තරග දිවියේ සිවුවැනි ශතකයට හිමිකම් කියමිනි. බංග්ලාදේශ පිලේ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් පිත්ත හැසිරවූ ධනංජය ඊයේ පළමු වරට ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 187ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය.

දිනය නිමාවනවිට පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමග නොදැවී ලකුණු 104ක් රැස් කිරීමට ධනංජය සමත්වූ අතර ඔහුට අනගි සහයක් දුන් කුසල් මෙන්ඩිස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 83කි. ඉතා පරිස්සමින් යුතුව පිති හරඹයේ යෙදුණු කුසල් මෙන්ඩිස් පන්දු 152කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කළේය.

මීට පෙර නවදිල්ලි නුවරදී ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ද ශතකයක් රැස් කළ ධනංජය ඊයේ වාර්තා කළේ පිට පිට දෙවැනි ටෙස්ට් ශතකයයි.

පෙරේදා දිනය නිමාවනවිට කඩුලු 4ක් දැවී ලකුණු 374ක් ලබා සිටි බංග්ලාදේශ පිලේ තවත් කඩුලු 3ක් දිවා ආහාරයට පෙර දවාලීමට ශ්‍රී ලංකා පිල සමත්වූයේ රංගන හේරත් නැවත දස්කම් අතරට පැමිණීමත් සමගය. පෙරේදා දිනයේ නොදැවි ලකුණු 175ක් ලබා සිටි මොමිනුල් හක්ට ඊයේ ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි. හේරත්ගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදී ඔහු පිටියෙන් ඉවත්වීමෙන් පසුව තරගයේ පාලනය සියතට ගත් ශ්‍රී ලංකා පිල මුලු ලකුණු සංඛ්‍යාව 390ක් වෙද්දී මොසාඩික් හොසේන් දවාලීමට සමත්විය. ඔහු දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවකට ලක්ෂාන් සඳකැන් වෙත උඩපන්දුවක් ලබාදීමෙනි. අනතුරුව නායක මහ්මදුල්ලා සමග එක්වූ මෙහ්දි හසන් බංග්ලාදේශ ඉනිම ලකුණු 417 දක්වා ඉහළ දමමින් සිටියදී දුවද්දී දැවියාමට හසුවිය. සුන්සාමුල් ඉස්ලාම් සහ මහ්මදුල්ලා එක්ව අටවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 58ක සම්බන්ධතාව බිඳ දැමුවේ ලක්ෂාන් සඳකැන්ය. ඔහුගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල කදිම ස්ටම්ප් කිරීමකින් එම සම්බන්ධතාව බිඳ දැමීමෙන් පසුව ඉතිරි කඩුලු සුරංග ලක්මාල් සහ රංගන හේරත් අතර බෙදී ගියේ බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 38ක් එක්වෙද්දීය.

රංගන හේරත් සහ සුරංග ලක්මාල් කඩුලු 3 බැගින් දවාලූහ.

RSL

Related Posts