ඡන්දය දැමීමෙන් වැලකෙන අයට අයකුට රු.2000ක් ගෙවන කල්ලියක්

Spread the love

ඡන්දදායකයන්ගේ නිල ඡන්ද කාඩ්පත් සහ හැඳුනුම්පත් මුදලට එකතුකර එම ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වළක්වා සිටීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව පොලිසිය කණ්ඩායම් තුනක් යොදා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එක පුද්ගලයකුට රුපියල් දෙදහසක පමණ මුදලක් ලබා දෙමින් ආරම්භ කර ඇති එම කුමන්ත්‍රණයෙන් මේ වන විටත් බොහෝ පිරිසකට එසේ මුදල් ලබා දී ඇති බවටද තොරතුරු හෙළි වී ඇත. මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළින් අනාවරණය වී ඇත්තේ එම දේශපාලන පක්ෂයට නොව වෙනත් පක්ෂවලට ඡන්දය දෙන ඡන්දදායකයන් සොයා ඔවුන්ට මෙසේ මුදල් ලබා දී ඡන්ද පත්‍රිකාවක් ජාතික හැඳුනුම්පත හෝ සෙසු අනන්‍යතාවය තහවුරු කෙරෙන හැඳුනුම්පත ඔවුන් විසින් ලබාගෙන මැතිවරණ දිනය අවසන් වූ පසු ඒවා ආපසු ලබාදීමට කටයුතු කිරීම වෙයි.

දකුණේ බලපිටිය, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවත් ප්‍රදේශ ගණනාවකත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. එම කුමන්ත්‍රණය තුළින් තවත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට ඡන්ද ලැබීම වැළැක්වීම සිදු කෙරේ. එය ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද දායකයන් කැමති කරවා ගැනීම සඳහා එම දේශපාලන පක්ෂයේ තරුණ සාමාජිකයන් විවිධ ප්‍රදේශවල සැරිසරමින් ඉතා සූක්ෂමව කටයුතු කරගෙන යන බවටද තොරතුරු ලැබී ඇත.

මේ ආකාරයෙන් එම දේශපාලන පක්ෂය හෝ කණ්ඩායමක් ඡන්දදායකයින්ට අයුතු ලෙස බලපෑම් කර හෝ අයුතු ලෙස මුදුලට නිල ඡන්ද කාඩ්පත් මුදලට ලබාගෙ එම ඡන්දදායකයින් ඡන්දය දීමෙන් වළක්වා ඇති බව අදාළ පොලිස් විමර්ශනවලින් අනාවරණය වුවහොත් පළාත් පාලන මැතිවරණ පනතට අනුව ඔවුන්ට එරෙහිව අදාළ පරීක්ෂණ වාර්තා නීතිපති වෙත යවා නීතිපති අනුමැතිය මත ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරේ.

එහිදී එම දේශපාලන පක්ෂයේ යම් පුද්ගලයෙක් වැරදිකරු වුවහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර හතක ඡන්දය තහනමකට ලක්වීම සහ එම අපේක්ෂකයකු යම් ආසනයක් දිනා සිටියහොත් එම ආසනයද අහිමි වෙයි.

RSL

Related Posts