ඔය ඉවත් වෙන අය ඇවිත් වාඩි වෙනකම් ෂුවර් නැහැ – ඒකාබද්ධය කියයි

ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනා පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි වන නමුත් ආණ්ඩුවේ සිටිමින් කතා කරන කිසිවකු පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි යැයි නුගවෙල පක්ෂ කාර්යාලයේදී පෙරේදා (05) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය. රටට සිදුව ඇති විපත්තිය පැහැදිලිව දර්ශනය වන බැවින් අමාත්‍ය ධුරය හා මෝටර් රථය පිළිබඳ සිතමින් නොසිට ආණ්ඩුවෙන් එළියට බැසීම වඩා සුදුසු යැයි කී මන්ත්‍රිවරයා මෙසේද …

Continue Reading

රවිට එරෙහි චෝදනා දෙසතියක් තුළ ගොනු කරන ලෙසට ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට එරෙහිව චෝදනා ඇත්නම් සති 2ක කාලයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. හිටපු මුදල් අමාත්‍ය රවි කරණානායක මහතාගේ නම සඳහන් වූ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර මාස 4ක් ගත …

Continue Reading

මෛත්‍රීගේ 2020 පුනරාගමනයත් සමඟ මහින්ද සලිත වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020දී විශ්‍රාම නොයන බව මඩකළපුවේදී ප්‍රකාශ කළ බවත්, එතුමා එසේ ප්‍රකාශ නොකර ආණ්ඩුවේ මේ මොහොතේ සිටින පිරිස හෝ රැක ගැනීමට හැකියාවක් නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි පළමු වැනිදා …

Continue Reading

රටේ ඉදිරිය වෙනුවෙන් 2020න් විශ්‍රාම නොයන බවට ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, පසුගිය සමයේ යුද අත්දැකීම් සමඟින් නැවත යුද්ධයක් ඇති නොවෙන්න අපි වැඩ කරන්න ඕනි. ජාතික සමඟිය ඇති කරන්න ඕනි. …

Continue Reading

අල්ලස, දූෂණය මුලිනුපුටා දැමීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා – ජනාධිපති

රාජ්‍ය සේවයේ මෙන්ම අනෙකුත් සියලු අංශවල තිබෙන දූෂණය සහ අල්ලස වැළැක්‌වීමට සහ මුලිනුපුටා දැමීමට රජයක්‌ ලෙස ගතයුතු සියලු තීන්දු තීරණ නොපැකිළිවම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. අල්ලස සහ දූෂණය වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව සහ කිසිවකුට සමාවකින් තොරව නීතිය නිසි ලෙසම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පෙරේදා (05 දා) …

Continue Reading

කාලය මාස 4 යිඃ අල්ලස්‌ ගත් රාජ්‍ය නිලධාරීහු 11 ක්‌ දැලේ

මෙම වසරේ (2018) ගතවූ මාස හතරේදී අල්ලස්‌ ලබා ගනිද්දීම රාජ්‍ය නිලධාරීන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස්‌ නෙවිල් ගුරුගේ මහතා පැවැසීය. මේ අය අතරේ මෑතකදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපතිවරයා වන බවද ඒ මහතා කීය. මීට අමතරව එම අත්අඩංගුවට ගත් පිරිස අතරේ පොලිස්‌ නිලධාරීහු පස්‌ දෙනෙක්‌ද වෙති. අල්ලස්‌ …

Continue Reading

දෙවන පෙළ නායකත්වයක් සමඟින් එජාපයෙන් උද්වේගකර මැයි සැමරුමක් (Videos)

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය කල එළි දක්වමින් එම පක්ෂයේ මැයි සැමරුම ඊයේ(06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙවර මැයි රැළියක් නොතිබුණු අතර එය මැයි දින සැමරුමකට පමණක් සීමා කර තිබුණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව දෙවන පෙළ නායකයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ට ලැබුනු පිළිගැනීම කැපී පෙනුණු අතර එජාපයේ ප්‍රබලයින් පිරිසක් මැයි දින සැමරුමට එක් නොවීමද කැපී පෙනුණි. වසර පහක්‌ …

Continue Reading

ආචාර ධර්ම,පිළිතුරු දීමේ අයිතියට පයින් ගසා ආණ්ඩුව වෙබ් මර්ධනයක…වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් ප්‍රකාශයක්..

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බව infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අනතුරු අගවා සිටි. ජාතිවාදය මුවාවෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි අවහිර කරමින් සිටි වර්තමාන යහපාලන ආණ්ඩුවේ හා එහි කුපකට නිලධාරින්ගේ …

Continue Reading

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා හා රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට (Video)

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.අයි. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන අය ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ. ඊයේ(03) සවස අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රාත්‍රී කොළඹ, සරණ පාරේ පිහිටි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ගේ …

Continue Reading

ග්ලයිෆොසෙට්‌ තහනම ඉවතට! වගා බිම් වලට යළිත් වස විස!

ආණ්‌ඩුවෙන්ම තහනම් කළ ග්ලයිෆොසෙට්‌ වැනි වල් නාශකයකට නැවතත් අනුමැතිය ලබා දෙයි නම් එවැනි ගොබ්බ තීරණ ගන්නා රජයකින් රටට යහපතක්‌ සිදු නොවන නිසා මේ රජය වහාම ගෙදර යා යුතු යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමියෝ ඊයේ (02) පැවසූහ. ග්ලයිෆොසෙට්‌ සම්බන්ධ දැනුමැත්තන්ගෙන් කිසිවක්‌ නොවිමසා රටේ ජනතාව ගැන ද නොසිතා හොර රහසේ මෙවැනි තීරණ ගැනීම පිළිබඳව තමන් දැඩිසේ විරෝධය දක්‌වන …

Continue Reading