ආචාර ධර්ම,පිළිතුරු දීමේ අයිතියට පයින් ගසා ආණ්ඩුව වෙබ් මර්ධනයක…වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් ප්‍රකාශයක්..

Spread the love

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බව infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අනතුරු අගවා සිටි.

ජාතිවාදය මුවාවෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි අවහිර කරමින් සිටි වර්තමාන යහපාලන ආණ්ඩුවේ හා එහි කුපකට නිලධාරින්ගේ නවතම දඩයම බවට infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම පත් වී තිබේ.

දැනට දින කිහිපයක සිට ආණ්ඩුව පනවා ඇති මෙම නිර්ලජ්ජිත වාරණය අපි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු.

infosrilankanews වෙබ් අඩවිය ලංකාව තුල වාරණය කිරිමට ලක්ව ඇති බව එම වෙබ් අඩවියේ කතෘ මණ්ඩලය මේ වනවිට පැහැදිළිවම තහවුරු කොට ගෙන ඇති අතරම එම වාරණය පිටුපස ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල හස්තයක් සිටින බවද අනාවරණය කර ගෙන ඇත. මෙහිදි අපගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුත්තේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම පිළිගන්නා බවට infosrilankanews වෙබ්අඩවියේ පැහැදිලිව සදහන් කර තිබිමත් එම අඩවියේ කතෘ වගකිම දරන්නන් රටතුල සිටියදිත්,වෙබ් අඩවිය හරහා පිළිතුරු දීම සඳහා ඇති අයිතිය ද සනාථ කර තිබිය දී ඒ සියල්ලම නොසලකා හරිමින් මෙලෙස මාධ්‍ය මර්දනයේ හස්තය ක්‍රියාත්මක විමය.

එය ව්‍යංගයෙන් දක්වන්නේ යම් වෙබ් අඩවියක් හෝ සමාජ මාධ්‍යයක් තහනම් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව කිසිදු මාධ්‍ය ආචාර ධර්මයකට හෝ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් තඹ දොයිතුවකට මායිම් නොකරන බව නොවේද?

මෑත කාලයේ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩුවේ ප්‍රධානින්ගේ සහ නිළධාරින්ගේ හැසිරීම් පැහැදිළිව මාධ්‍ය මර්දනය දෙසට වැටි ඇති ආණ්ඩුවේ ගමන් මග පෙන්වා දෙන අතරම ආණ්ඩුවේ දුෂණයන්ට එරෙහිව ජනතාවට තොරතුරු ඉදිරිපත් කිරිම හමුවේ විකල්ප ධාරාවේ වෙබ් අඩවි සියළු දූෂිතයන්ගේත්, මර්ධිතයන්ගේත් පොදු හතුරා බවට පත්වෙමින් තිබේන බව අප ට පැහැදිළි වෙමින් පවති.

රටතුල වෙබ් අඩවියක් අවහිර කිරිමේ බලයලත් ආයතන වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සභාව වන අතර ඒය ජනාධිපතිවරයා යටතේ තිබෙන ආයතනයකි.

එහි සභාපතිවරයා වන්නේද ජනාධිපති ලේකම්වරයාය. ඒ අනුව TRC හරහා යම් වෙබ් අඩවියක් අවහිර කිරිමට නම් ඒ සදහා ඉතා ඉහල පෙළේ පෙළඹවීම අවශ්‍ය බව අමුතුවෙන් සදහන් කල යුතු නැත.

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බවත් එය සමාජ ජාලා අවහිර කිරිමේ සිට ලංකා ඊ නිවුස්, ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ හරහා infosrilankanews වෙබ් අඩවිය අවහිර කිරිම දක්වා ගමන් කර ඇති බව ඉතා පැහැදිළිය.

මෙවන් තත්ත්වයක් යටතේ යහපාලනය ස්වරූපයෙන් දියත් වන මෙම මර්දනයට එරෙහිව මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනිමේ අයිතියට ගරු කරන සියලුම දෙනා පෙළගැසීය යුතු බවත් අපි තරයේ අවධාරණය කර සිටිමු.

දුමිදු දිසානායක

කැඳවුම්කරු

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

“සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”

සම්බණ්ධිකරණය -0778387976

Related Posts