ජනපති කාර්යාලයේ වාහන 40 ක් අතුරුදන්

ජනාධිපති ලේකම් කාර්යාලට අනුයුක්ත කර ලද වාහන හතළිහක් පමණ අතුරුදහන් වී තිබේ.එම කාර්යාලයට විවිධ වර්ගයේ වාහන 749ක සංචිතයක් ඇති අතර අතුරුදන්ව ඇත්තේ එම වාහන සංචිතයේ තිබූ වාහනයි. එම වාහන ට සිදු වූයේ කුමක් දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නැත. මෙසේ අතුරුදහන් වී ඇත්තේ මෝටර් රථ 17ක්, යතුරුපැදි 12ක්, සිංගල් කැබ් 06ක්, ඩබල් කැබ් දෙකක් හා අනෙකුත් වර්ගයන්හි වාහන තුනකි.

Continue Reading

අරගලයේ ප්‍රහාරය ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් ද?

ඊයේ රාත්‍රියේ අරගලයේ නිරතව සිටි නිරායුද  ජනතාවට ආරක්ෂක අංශ හා විශේෂ  බලකාය ප්‍රහාරයක් දියත් කළ ඇති  අතර එයින් තුවාල ලැබූ පිරිසක්  රෝහල්ගත කළ ඇත.  ගෝල්ෆේස් අරගල භුමියේ හා ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ තිබු ඔවුන්ගේ බඩු බාහිරදීය රැසකට අලාභානි සිදුව ඇත අතර එහිදී  අරගලකරුවන්  ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද, අද (22) දිනයේ දහවල් 2.00 ට අරගල භූමියෙන් නිල වශයෙන් …

Continue Reading

ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි

පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන්  අද (22) අළුයම  එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති අතර ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා ම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශයේ ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇති බව වාර්තා වේ. එහිදී ඇතිවූ ගැටුමින්  නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු …

Continue Reading

රූපවාහිණියට කඩා පැන්න පිරිසක් සොයා මෙහෙයුමක්

පසුගිය පසුගිය 13 වැනිදා පැවති විරෝධතාවක් අතරතුරදී ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී බලහත්කාරයෙන් සජීවී වැඩසටහනකට එක්වූ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාගත් උපදෙස් මත මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිතය. ඒ අනුව රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට කටයුතු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය අදාල වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින් …

Continue Reading

මෙරට 8 වන විධායක ජනාධිපතිවයා ලෙස රනිල් පත්වේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද බදාදා පාර්ලිමේන්තුවේදි පැවැත්විය. ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත්වූ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයින් විය.මෙම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය  රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි. බහුතර ජන්ද 134 ක් ලබා ගනිමින් රනිල් …

Continue Reading

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ

අද පෙරවරුවේ ආරම්බ වූ අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට ⁣ අවසන් විය. මේ වන විට පාර්ලිමේන්තුවේදී ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇත.

Continue Reading

LPL දෙසැම්බර් මස තෙක් කල් දැමෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තුන්වන අදියර දෙසැම්බර් මාසයට කල් දමා ඇත. “අපි දැන් එය සත්කාරකත්වය ලබා දීමට උනන්දුවෙන් සිටියෙමු, නමුත් තරඟ සංවිධානය කිරීමේ අයිතිය ඇති සමාගම වන IPG එය දෙසැම්බර් මාසයට ගෙන යන ලෙස අපෙන් ඉල්ලා ඇත,” ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ප්‍රසිද්ධ මාධ්‍යන්ට වාර්තා කරයි. රට තුළ පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෙවැනි ටෙස්ට් තරගය ගාල්ලේදී පැවැත්වීමට …

Continue Reading

කඳුළු ගෑස් සොරකමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

ජුලි 13 වැනිදා පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීමෙන් පසු විරෝධතාකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය කඳුළු ගෑස් කැනිස්ටර් 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (17) ඔබේසේකරපුර නානායක්කාර මාවතේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බොරැල්ල ගෝතමී පාරේ ඔහු පදිංචිව සිටි තාවකාලික නිවසේ තිබී කඳුළු ගෑස් ප්‍රහාර 50ක් …

Continue Reading

ඉන්ධන පෝලිම්වල සිටින්නන්ට ඇමතිගෙන් ඉල්ලීමක්

බෙදාහැරීම ආරම්භ කරන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් රැසක් කර ඇති බව ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි. ජනතාව පෝලිම් ගැසී සිටින ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදු කරන්නේ වාහන ඉවත් කිරීමෙන් පසුව පමණක් බව අමාත්‍ය කාංචන විජේසේකර තවදුරටත් අනතුරු ඇඟවූ බවට වාර්තා වේ. තවදුරටත් ඔහු කියා ඇත්තේ අලුතින් හඳුන්වා දුන් ජාතික ඉන්ධන බලපත්‍රය …

Continue Reading

පාර්ලිමේන්තුවට ඇතුළු වන මාර්ග වසා දමයි

හෙට දින එනම් 19 වන අගහරුවාදා දින පෙරවරු 10.00ට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඒ වෙත පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇති බවට අද දින ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා වල සදහන් විය. රට තුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් …

Continue Reading