අරගලයේ ප්‍රහාරය ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් ද?

Spread the love

ඊයේ රාත්‍රියේ අරගලයේ නිරතව සිටි නිරායුද  ජනතාවට ආරක්ෂක අංශ හා විශේෂ  බලකාය ප්‍රහාරයක් දියත් කළ ඇති  අතර එයින් තුවාල ලැබූ පිරිසක්  රෝහල්ගත කළ ඇත.  ගෝල්ෆේස් අරගල භුමියේ හා ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ තිබු ඔවුන්ගේ බඩු බාහිරදීය රැසකට අලාභානි සිදුව ඇත අතර එහිදී  අරගලකරුවන්  ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද,

අද (22) දිනයේ දහවල් 2.00 ට අරගල භූමියෙන් නිල වශයෙන් ඉවත් වන බව දැනුම්දී තිබියදී මෙම ප්‍රහාරය එල්ල කළ බවයි අරගලයේ නිරතව සිටින පිරිස් චෝදනා කරන්නේ.

මෙයින් නව ජනාධිපතිතුමා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති ලෙස දෙයුරුම් දී පැය48ක් වත් ඉක්මවා යාමට මත්තෙන්  අරගල කරුවන්ට මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නින්දිත ප්‍රහාරයක් සිදුකිරීමපිටුපස ජනධිපතිවරයා ගේ ප්‍රතිරූපය හා ඔහුගේ ඉදිරි දේශපාලන ගමන විනාශ කිරීමට කිසියම් හදිසි හස්තයක් විසින් සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයක්ද යන්න සික මතු වන බව දේශපාලන විචාරකයෝ පවසති.

 

RSL

Related Posts