ඉන්දියානු සිසුන් සඳහා වීසා ගැටළු ඉක්මනින් විසඳන බවට ඕස්ට්‍රේලියාව සහතික වේ.

Spread the love

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් විසින් බ්‍රහස්පතින්දා ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සමඟ මාර්ගගත ක්‍රමයට වීසා ගැටලු විසඳීම සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්නා ඉන්දීය සිසුන්ගේ වීසා ගැටලු කඩිනමින් විසඳා දෙන බවට ඔස්ට්‍රේලියාව සහතික වී තිබේ.

මෙම සාකච්ඡාව සිදු කරනු ලැබූයේ වීසා ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දිගු ප්‍රමාදයන් පිළිබඳව බොහෝ සිසුන්ගේ පැමිණිලි වලින් පසුවය.

පසුගිය මාසයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් සමඟ ඉන්දියානු සිසුන්ගේ වීසා පත්කිරීම් පිළිබඳ ගැටලුව පිළිබඳව සාකච්ඡා කොට තිබිණි.

මෙම සාකච්ඡාව පිළිබඳව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කළේය. එමෙන්ම නව කම්කරු පක්ෂ රජය යටතේ ඔහුගේ අමාත්‍යධුරය භාර ගැනීම පිළිබඳව ඔහුට සුබ පැතුම් එක් කළේය.

මීට අමතරව, අධ්‍යාපන අමාත්‍ය ප්‍රදාන්, ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධියට පත් වී ඇති ලෝක මට්ටමේ කුසලතා ඉන්දීය ශ්‍රම බලකායට ලබා දීමෙන් උසස් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල සමීප හවුල්කාරිත්වය දෙරටටම ප්‍රයෝජනවත් වන ආකාරය පැහැදිලි කළේය.

2020 නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ එහි පරිමිතිය පිළිබඳව ද ඔහු ඕස්ට්‍රේලියානු අමාත්‍ය ක්ලෙයාර් දැනුවත් කළේය. විශ්ව විද්‍යාල සඳහා ගිෆ්ට් සිටිහි ආධාරක පරිසරය මෙන්ම විවිධ ක්‍රම ඔස්සේ අධ්‍යාපනයේ ජාත්‍යන්තරකරණය සඳහා වැඩි දියුණු කළ යුතු අවස්ථා පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගෙන යයි. ක්වාඩ් සංගමය ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර සංවිධානවල කැපී පෙනෙන දායකත්වයක් දෙරටම සපයයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts