නව රජයේ නව ඇමතිවරු දිවුරුම් දෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නායකත්වය දෙනු ලබන නව රජයේ නව අමාත්‍යවරුන් පිරිස් අද(01) දිවුරුම් දුන්හ. ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා …
Continue Reading
යාන්තමට හෝ එල්ලෙන්න තිබුණු දෙමළ සන්ධානයේ සහයත් රනිල්ට අහිමි වෙයි
හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළකරනු ඇතැයි යම් විශ්වාසයක් තබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ සහයද රනිල්ට අහිමි වී ඇතැයි එම පක්ෂයේ තහවුරු කරන අද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. දෙමළ ජාතික සන්ධානය …
Continue Reading
බය වෙන්න එපා; මට ෂුවර් – රනිල්
-
RSL
-
November 1, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන හැටි ගැන කිසිඳු බයක් සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ දවල් මහ බැංකු මංකොල්ලය සිදු කොට එහි විමර්ශන සඳහා ජනාධිපති කොමිසම හමුවට ලැජ්ජාවක් බයක් නැතිව යෑමට සිදු වූ හිටපු අගමැති සහ වත්මන් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය. එක්සත් පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහගේ …
Continue Reading
කොටස් වෙළෙඳපොළේ මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්ත වර්ධනයක්
අද(01) දින කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් පෙන්වා ඇතැයි වාර්තාවේ. අද දහවල් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ සියයට 2ක වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ සියයට 4ක වර්ධනයක් ලෙසින් සටහන් වෙයි. මේ වන …
Continue Reading
ජනපති සහ කථානායක පැය එකහමාරක සාකච්ඡාවක්; පාර්ලිමේන්තුව කැඳවමින් නව අගමැති සහ ආණ්ඩුව පිළිගන්න සූදානම්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර ඊයේ(31) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව පැය එකහමාරයකට ආසන්න කාලයක් ඉතා සුහදව පැවැති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදී කථානායකවරයා විසින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ හා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර කථානායකවරයා සිදු කළ ඉල්ලීම සලකා බලා ඉදිරියේදී තම …
Continue Reading
තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් වැටුණු ආර්ථිකය ගොඩගන්නවා
රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පනවා තිබෙන සංකීර්ණ බදු ක්‍රමය සරල කර නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය. ඊයේ (31) කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ වසර 03 කුත් මාස …
Continue Reading
අගමැති මහින්ද බව නීතිපති යළි තහවුරු කරයි; කථානායක පක්ෂපාතී වෙමින් සැඟවෙයි (වීඩියෝ)
රටේ අගමැති කවුරුන්දැයි කියා පැහැදිලි කර ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බව වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇතැයි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ නව රජයේ පළමු මාධ්‍ය හමුව ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අවස්ථාවේදීය. …
Continue Reading
රනිල්ට අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගෙදර යන්න සහන කාලයක්
අරලියගහ මන්දිරය තමන් යටතේ පවතින දේපළක් බැවින් එය ඉක්මනින් ආපසු බාර ගැනීමට කටයුතු කරන ලෙස තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර සඳහන් කරයි. රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ආපසු බාර දීමේදී යම් සහන කාලයක් ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණත් දේශපාලනඥයන්ට එවැනි ක්‍රමවේදයක් නොමැති බවද ලේකම්වරයා සඳහන් කළේ ඊයේ (30) සිය කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි. “රාජ්‍ය දේපළ අවභාවිතය බරපතළ …
Continue Reading
එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකු ඇමති කෙනෙක් වෙයි; රනිල් පාළුගෙයි වලං බිදී (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු අද(30) නව රජයට එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්දය. ඒ අනුව දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ. මෙලෙස එජාප මන්ත්‍රීවරුන් රනිල්ට හැර දා නව ආණ්ඩුව සමඟ එක්වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු …
Continue Reading
ජනතා විශ්වාසය සහ වරම පාවාදීම හරිම කැත වැඩක්, ඒ කැත වැඩේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ – රනිල් (වීඩියෝ)
‘යුක්තියේ ජන හඬ’ ජනවරමට ගරු කරනු, පාර්ලිමේන්තුව වහා කැඳවනු යන මැයෙන් එක්සත් ජාතික පක්ෂය අද(30) කොල්ලුපිටිය මංසන්ධිය අසල විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහව එම තනතුරු ඉවත් කර ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට එරෙහිවයි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වල සිටින ඇතැම් මන්ත්‍රීවරුන් සහ එම මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් සභභාගී වී සිටියද, …
Continue Reading