අධිකරණ නියෝග, ව්‍යාවස්ථා උල්ලංඝනය කරමින් පිස්සු නැටූ කරූ ගුටි නොකා පලා යයි; මන්ත්‍රීවරයෙකුට තුවාල

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කථානායකවරයෙකු අතිශය පක්ෂග්‍රාහී වෙමින් අධිකරණය, නීතිය, ව්‍යාවස්ථාව, සම්ප්‍රදායන් යන සියල්ල උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව තුල පිස්සු උන්මත්තකයෙකු ලෙස හැසිරුනේ නම් ඒ කරු ජයසුරිය බවට අද(15) මෙරට දේශපාලන ඉතිහාසයේ ලියැවිණ. එහෙත් තවමත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටින බවට වාර්තාවේ. මේ අය අතර, රනිල් වික්‍රමසිංහ මහතා ද විපක්ෂයේ හතරවෙනි පේළියේ තුන් වන අසුනෙහි වාඩි වී සිටින බව ද වාර්තා …

Continue Reading

රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින් අර්ථ දැක්වීමට ගත් උත්සහය ජනාධිපතිවරයා විසින් මුළු මනින්ම ප්‍රතික්ෂේප කර ඇත. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර …

Continue Reading

මට ඇහිච්ච විදියට ආණ්ඩුවට බහුතරය නෑ – කරු කියයි; සෙංකෝලයත් නෑ

පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් එය විනාඩි කිහිපයක් තුළ විභාගයට ගනිමින්, නිසි ක්‍රමවේදයකින් තොරව ඡන්ද විමසීමක් පවා සිදුකළේය. එහෙත් අද(14) දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මීට හාත්පසින්ම වෙනස් වූ එකක් වන අතර පාර්ලිමේන්තු …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපාමින් පාර්ලිමේන්තුව කැඳවූ කරූ රෙදි නැතුව නැගිට යයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් පනවන ලද අතුරු තහනම් නියෝගය දඬමීමා කරගනිමින් කතානායක කරු ජයසුරිය විසින් යළි පාර්ලිමේන්තුව අද(14) රැස්කළ අතර එහිදී ඇති වූ කලහකාරී තත්වය මත පාර්ලිමේන්තුව යළි හෙට (15) දින දක්වා කල්තබන ලදී. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග …

Continue Reading

ගැසට් නිවේදනය තවමත් වලංගුයි; පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට නීත්‍යානුකූල අයිතියක් නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂය නිවේදනය කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (14) දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී විම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිමෙන් පසු තීරණයක් ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. …

Continue Reading

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමින් තාවකාලික අතුරු තහනම් නියෝගයක්!

අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය යළි තහවුරු කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබේ. මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6 …

Continue Reading

එජාපය නායකත්වය සමඟින් ඕනෑම වගකීමක් භාර ගන්න මම සූදානම්

පක්ෂය විසින් නායකත්වය ඇතුළු තමාට ලබාදෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඉදිරි මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකත්වය භාරගැනීමට සූදානම් ද යන්න පිලිබඳ බී.බී.සී. පුවත් සේවය සිදුකළ විමසීමකදී සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එය සිදු වන නිසි ක්‍රමවේදයක් තිබේන බවත් ඒ අනුව කටයුතු කළ යුතු බවත් …

Continue Reading

ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම ව්‍යවස්ථානුකූල බවට නීතිපති ඇතුළු නීතිඥවරු රැසක් කරුණු දැක්වූ අයුරු

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද(13) විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම …

Continue Reading

එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි

රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. “රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් …

Continue Reading

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳම විසඳුමයි -අස්ගිරි මහ නා හිමි

පවතින ගැටලුකාරී තත්ත්වයට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යහපත් යැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ. කෘෂිකර්මයට මෙන්ම රටේ සෑම ක්ෂේත්‍රයකටම ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ඉකුත්දා (10දා) මහ නායක හිමියෝ මේ බව කීහ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම් දීම සඳහා පැමිණි අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී …

Continue Reading