මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා

මාර්ග කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව බියගම නුවර පාර පට්ටිවිල ප්‍රදේශය, 226 මල්වාන කොළඹ ප්‍රධාන මාර්ගය, බැලුම්මහර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා ඇති මාර්ගය සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අලුත්ගම – මතුගම මාර්ගයද ජලයෙන් යට වී ඇති …

Continue Reading

පිරවුම්හල්වල අක්‍රමිකතා ගැන පැමිණිලි ඉහළට

ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මේ වනවිට පැමිණිලි 200ක් පමණ ලැබී ඇති බවත් මෙම පැමිණිලි විසදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා …

Continue Reading

පළමු වරට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා නව ගාස්තුවක්

ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට නොවැම්බර් 1 වනදා සිට රු. 200 ක ගාස්තුවක් ගෙවිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් ලබාගැනීමේ ගාස්තුව රු. 1000 ක් ලෙසද සංශෝධිත අනු පිටපතක් …

Continue Reading

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නොවැම්බර් 02 දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා

රටේ ජනතාව බාල්දු කර, ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකර, ආණ්ඩුව තවමත් බලයේ රැඳී සිටින්නේ කෙසේදැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කර සිටිනවා. එසේ ඔවුන් රැඳී සිටින්නේ මර්දනය භාවිතා කරමින් බවත්, එබැවින් එම මර්දනයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, එහි පළමු පියවර ලෙස නොවැම්බර් 02 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් ​පවත්වන බවත් ඔහු සඳහන් කරනවා. ඒ සඳහා අරගලයේ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂවල නායකයින්, …

Continue Reading

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වෙනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) රාත්‍රිය දක්වා එම කොටස තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණා. ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබුණා.

Continue Reading

අරගලයේ ජනතා විරු සමරුව අතරතුර පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

අරගලයේ ජනතා විරු සමරුව අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. අරගලයේ ජනතා විරු සමරුව සඳහා ගාලුමුවදොර පිටියට විශාල පිරිසක් ඉයේ රැස්ව සිටි අතර එහිදී සාමකාමී විරෝධතා පාගමන පොලිසිය අවහිර කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

Continue Reading

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නවා

සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. සහල් මිල ඉහළයාමට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට තීන්දු කළ බවත් එම වැඩපිළිවෙල නිසා සහල් මේ වන විට පවතින මිලෙහි තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළඳ අමාත්‍යංශය සාකච්ඡා කර සහල් ආනයනය අවශ්‍ය නොවනවානම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා …

Continue Reading

ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් බියක් ඇති කරගන්න එපා

රට තුළ බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඒ අනුව එහි සභාපති දීප්ති කුලරත්න සඳහන් කළේ, ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී නොමැති බවයි. එසේම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා හඳුනාගත් ත්‍රිපෝෂ මවුවරුන් අතට පත් නොවූ බවත් ඒ හඳුනාගත් පසු ඉවත් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් …

Continue Reading

දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට අවධානය

දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්  වී ජයකොඩි සඳහන් කළේ, මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව විහාරස්ථානවල විදුලි බිල සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් ලබාදුන් පසු විදුලි බල මණ්ඩලය සහනදායිව විදුලිබිල නිර්මාණය වූ බවයි. විදුලිබිල ගෙවීමට අපහසු දුෂ්කර විහාරස්ථාන සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කරමින් පවතින බවත් එම විහාරස්ථාන සඳහා පෙර පරිදි සහනය …

Continue Reading