පළමු වරට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා නව ගාස්තුවක්

Spread the love

ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට නොවැම්බර් 1 වනදා සිට රු. 200 ක ගාස්තුවක් ගෙවිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට අමතරව ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් ලබාගැනීමේ ගාස්තුව රු. 1000 ක් ලෙසද සංශෝධිත අනු පිටපතක් ලබාගැනීමේ ගාස්තුව රු. 500 ක් ලෙසද, කල් ඉකුත්වූ ජාතික හැඳුනුම්පත වෙනුවට නව හැඳුනුම්පතක් ලබාගැනීමේ ගාස්තුව රු. 200 ක් ලෙසද සංශෝධනය කර තිබෙනවා.

Related Posts