පිරවුම්හල්වල අක්‍රමිකතා ගැන පැමිණිලි ඉහළට

Spread the love

ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිට පැමිණිලි 200ක් පමණ ලැබී ඇති බවත් මෙම පැමිණිලි විසදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ආරාධනා කළද සඳහා ඔවුන් සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වනපරිදි ඉන්ධන පිරවුම්හල් 60ක නියැදියක් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts