යුක්තිය මෙහෙයුමට සමගාමීව රුපියල් ලක්ෂ 920ක මුදල් සහ දේපොළ තහනම් කෙරේ..!

යුක්ති මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ. මේ යටතේ පහත දේපොළ සහ මුදල් තහනම් කර භාරයට ගෙන ඇත, බස් රථ 03ක් කාර් රථ 02ක් …

Continue Reading

ජනපති රනිල්ගේ ආණ්ඩුවේ අපි ඉන්නේ හැමදේම හරි කියලා අත් උස්සන රූකඩ එහෙයියෝ විදියට..! මහින්දගෙන් නිවේදනයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉහළ …

Continue Reading

අපි වෙන්දේසියට ආවේ චමරි ගන්න නෙමෙයි..! බෝලර් කෙනෙක් ගන්න..! මහේලගෙන් සැර කතාවක්..!

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීගයේ පළමු වෙන්දේසියේදී සුපිරි පිතිකාරිණිය චමරි අතපත්තුව කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම තමන්ටද පැනයක් නමුත් පැවැති තත්ත්වය අනුව එය කිසිසේත් තමන්ගේ බලපෑමකින් වෙනස් කළ හැකි දෙයක් නොවී යැයි කළ විමසීමකදී මහේල ජයවර්ධන පැවසීය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ, දක්ෂතා පිළිබඳ ගෝලීය ප්‍රධානී ලෙසින් කටයුතු කරන මහේලද මෙම වෙන්දේසියට සහභාගී වූ අතර එසේ ඔහුද එහි සිටියදී චමරි හට ලංසුවක් හෝ ඉදිරිපත් …

Continue Reading

ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

විදේශගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන සහ පාතාල අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ මෙරට දේපළ රාජ සන්තක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද පැවසු ඔහු ඉදිරි සති කිහිපය ඇතුළත එය ක‍්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය. එතෙක් මෙම පුද්ගලයන්ගේ දේපළ පොලිස් භාරයට ගන්නා බවත් ඔහු …

Continue Reading

අපි වැටිලා නෑ..! පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් හතරක් ඉන්නවා..! ධම්මිකත් ඒ අතර..! ලේකම් සාගරගෙන් ප්‍රකාශයක්..!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ  ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව  සාගර කාරියවසම් මහතා පැවසීය. කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Continue Reading

වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි

සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාව සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා. බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

Continue Reading

ධනුෂ්ක ගුණතිලකට ඇප

ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක ගුණතිලක හට ඇප හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා. ධනුෂ්ක ගුණතිලක අද (17) දෙවන වරටත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේ දී අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ධනුෂ්ක ගුණතිලක දින 11ක කාලයක් රක්ෂිත බන්ධානාගාර ගතව සිටියා.

Continue Reading

කන්ටේනර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

මීගමුව සහ කුරණ අතර ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ අනුව දී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියේ ගැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් දුම්රියේ එංජිමට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Continue Reading

ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි

මානව සංහතියේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස ලෝක ජනගහනය අද (15) දිනයේ බිලියන 8 ට ළඟාවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මෙම සන්ධිස්ථානය පෘථිවිය වෙනුවෙන් මානව වර්ගයාගේ හවුල් වගකීම සලකා බලන අතරම විවිධත්වය සහ දියුණුව සැමරීමේ අවස්ථාවක් බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කළේ. මහජන සෞඛ්‍යය, පෝෂණය, පුද්ගල සනීපාරක්ෂාව සහ වෛද්‍ය විද්‍යාව වැඩිදියුණු කිරීම හේතුවෙන් මිනිස් ආයු කාලය ක්‍රමයෙන් වැඩිවීම …

Continue Reading