යුක්තිය මෙහෙයුමට සමගාමීව රුපියල් ලක්ෂ 920ක මුදල් සහ දේපොළ තහනම් කෙරේ..!

Spread the love

යුක්ති මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.

මේ යටතේ පහත දේපොළ සහ මුදල් තහනම් කර භාරයට ගෙන ඇත,

බස් රථ 03ක්
කාර් රථ 02ක්
යතුරු පැදි 02ක්
තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 04ක්
රත්‍රං පවුම් 50ක්
මුදලින් රුපියල් 123,000ක්

⁣ඉහත තහනමට ගත් දේපොළ සහ මුදල්වල වටිනාකම ලක්ෂ 920කට ආසන්න බව අනාවරණය වී ඇත.

Related Posts