ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ
“අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන් සෑමදෙනාගේම සහයෝගයෙන්, එකමුතුභාවයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට අපට හැකිවේවි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා …
Continue Reading
සන්ධාන ගතවීමක් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් අපේක්ෂකයෙක් ස්ථිරයි..!
සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් …
Continue Reading
රාජපක්ෂලා යනු තම පාක්ෂිකයින් වහලුන් යැයි සිතන අයවලුන්; ඔවුන් කිසිදා වෙනස් වන්නේම නැත
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර් පැහැර ගැනීම හෝ නිමක් නොමැතිව මාධ්‍යවේදීන්ට සිදුවූ අඩන්තේට්ටම්වලට මහින්ද රාජපක්ෂ මහතා කනගාටු නොවන බවත් පසුගිය දේවලින් පාඩම් ඉගෙන ගත්තා නම් අධිකරණ දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන්නේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් …
Continue Reading
ශ්‍රී.ල.නි.ප සහ ශ්‍රී.ල.පො.පෙ සාකච්ඡා බිඳ වැටෙයි! ශ්‍රීලනිප මහලේකම් එය තහවුරු කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ(11) පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී …
Continue Reading
පොහොට්ටුවෙන් කළ ආරාධනයට තිලංගගෙන් මහින්දට තීරණාත්මක ලිපියක්..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් අවධාරණය කොට ඇත. මෙහිදී තිලංග සුමතිපාල මහතා ප්‍රථමයෙන් තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී.පො.ජ.පෙ. නායක මහින්ද රජාපක්ෂ …
Continue Reading
අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වය ගන්න කෙනෙක් නැතිකම
“තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම නිර්භීතව තීන්දු ගතයුතුයි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයක් ගන්න කෙනෙක් නැතිකම. අපි සෑම විටම එකඑක්කෙනා පස්සේ ගිහින්, හැංගි …
Continue Reading
මුහුද හත්ගව්වක් තියෙද්දී බැසිල්, ගෝඨාභයට අමුඩ ගස්වයි; අප්‍රකාශිත ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු බවට ගෝඨාභය පත්වෙයි (වීඩියෝ)
රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද සිය පළමු සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී කැඳවු අතර මෙහිදී පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ඡන්ද විමසීමකින් තොරව පත්කර ගත්තේ එදා මෙන් අදත් රාජපක්ෂවරුන් ප්‍රජාත්‍රන්තවාදය තඹ දොයි තුවකටවත් මායිම් නොකරන බව යළි යළිත් තහවුරු කරමිනි. පාසැලේ සාහිත්‍ය සංගමයේ සිට සමූපාකාර සංගමය දක්වාත්, දේශපාලන පක්ෂයක සිට දැවැන්ත සමාගම් දක්වාත් …
Continue Reading
අද අපිත් පොහොට්ටු සම්මේලනයට එනවා; අපි එන්නේ සාමාජිකත්වය ගන්න නොවෙයි, වෙන වැඩකට!
අද (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්. බී. දිසානායක මහතා ඊයේ පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පක්‍ෂ සම්මේලනයට සහභාගි වන බව ද දිසානායක මහතා කීය. පක්‍ෂ සම්මේලනයට සහභාගි වුවද, පොදුජන පෙරමුණේ පක්‍ෂ …
Continue Reading
සිංහල මවුවරුන් වඳ කළ බවට චෝදනා ලැබ සිටින ෂාෆි අත්අඩංගුවට ගත් DIGට – SPට මාරුවීම්
සැකකාර වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්ඞීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත‍්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට ජාතික පොලිස් කොමිසම පෙරේදා (08) කටයුතු කර ඇත. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත්ට සහ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහත්වරුන්ට මීට පෙර ජාතික පොලිස් කොමිසම විසින් ලබාදී තිබූ මාරුවීම් එම කොමිසම විසින්ම අත්හිටුවා තිබිණි. ජාතික පොලිස් කොමිසම …
Continue Reading
විශ්ව විද්‍යාලයට සහ රාජ්‍ය, පෞද්ගලික රැකියා සඳහා යොමුවන තරුණ තරුණියන්ට තරුණ සේවා සභාවෙන් ලකුණු (වීඩියෝ)
විශ්ව විද්‍යාලවලට සහ රාජ්‍ය, පෞද්ගලික රැකියා සඳහා යොමුවන තරුණ තරුණියන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශයේ සුදුසුකම් එකතුවට ජාතික තරුණ සේවා සභාව හරහා වෙනම ලකුණු ක්‍රමයක් එකතු කරදීමේ වැඩසටහනක් පසුගියදා සිදුවිණ. ඒ මෙරට පොදු සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී නිහඬ මෙහෙයක් ඉටුකරනු ලබන ස්වේච්ඡා සේවයට කැපවුණු තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් නිතීඥ එරන්ද වැලිඅංග මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක …
Continue Reading