සිංහල මවුවරුන් වඳ කළ බවට චෝදනා ලැබ සිටින ෂාෆි අත්අඩංගුවට ගත් DIGට – SPට මාරුවීම්

Spread the love

සැකකාර වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්ඞීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත‍්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට ජාතික පොලිස් කොමිසම පෙරේදා (08) කටයුතු කර ඇත.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත්ට සහ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහත්වරුන්ට මීට පෙර ජාතික පොලිස්‌ කොමිසම විසින් ලබාදී තිබූ මාරුවීම් එම කොමිසම විසින්ම අත්හිටුවා තිබිණි. ජාතික පොලිස්‌ කොමිසම පෙරේදා රැස්‌වූ අවස්‌ථාවේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පුත්තලම දිස්‌ත්‍රික්‌කය භාරවත් පොලිස්‌ අධිකාරිවරයා මාතලේ කොට්‌ඨාසය භාරවත් මාරුකර යෑවීමට තීරණය කර ඇත.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සහ පොලිස්‌ අධිකාරිවරයා මාරුකර යෑවීම ගැන කුරුණෑගල ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේ, සිවිල් සංවිධාන, වෙළෙඳ ප්‍රජාව ඇතුළු විශාල ජනතාවක්‌ දැඩි අප්‍රසාදය පළ කර තිබිණි.

මේ අතර මේ නිලධාරීන් දෙදෙනා මාරුකර යවන ලෙස පොලිස්‌ කොමිසම වෙත මුස්‌ලිම් දේශපාලනඥයන් ද බලපෑමක්‌ කළ බවට චෝදනා එල්ලවී තිබිණි. වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට මෙම නිලධාරීන් දෙදෙනා කුරුණෑගල රාජකාරි කරමින් සිටීම විශාල බාධාවක්‌ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්‌පතිවරයාට ලිත දැනුම්දීමක්‌ කර තිබිණි.

ඒ අනුව වැඩ බලන පොලිස්‌පතිවරයා මේ පිළිබඳව ජාතික පොලිස්‌ කොමිසම වෙත දැනුම් දුන්නේය. ජාතික පොලිස්‌ කොමිසම මෙම මාරුවීම් ක්‍රියාත්මක කිරීමට මුලින් කටයුතු කර තිබුණේ වැඩ බලන පොලිස්‌පතිවරයා කළ ඉල්ලීමකට අනුවය.

වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් සහ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහත්වරුන්ට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.

RSL

Related Posts