රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්?හැකි ඉක්මණින් රුධිරය පරිත්‍යාග කරන්න

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන්  හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩු වීම සිදුවන බවයි. එමෙන්ම සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිර පරිත්‍යාග …

Continue Reading

කොමදෝරු ඇතුළු හයකට ඇප

පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු හයකට මහාධිකරණ ඇප කොන්දේසි මත කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) ඔවුන් ඇප මත මුදා හැරියාය. එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප තුනක් මත මෙම සැකකරුවන් මුදා හැරිණි. සාක්කිකරුවන්ට බලපෑම් නොකිරිම සහ සෑම සෙනසුරාදා දිනකම උදේ …

Continue Reading

යහපාලනය පුංචි ආණ්ඩු ඩිජිටල් කරයි

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති …

Continue Reading

ජනපති මෛත්‍රීට 2021 තෙක් බලය ඇති බව අවධාරණය කරයි (විශේෂ )

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධුරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධුරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත. ජනාධිපති ධුරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද …

Continue Reading

හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්ට සිතාසි නිකුත් කරයි

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩු තුනකට අදාළ සාක්ෂි ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබේ. එම නඩුව අද කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ එම නඩුවල සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම්  පී.බී අබේකෝන් …

Continue Reading

ජනපති මෛත්‍රී තම ධුරකාලය විමසුවේ ඇයි..?

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි කාලසීමාව පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව අර්ථ නිරූපනයක්‌ කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්‌ කර ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 32 (2) ව්‍යවස්‌ථාවට අනුව 2015 ජනවාරි 09 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරීපත්ව එම ධුරයේ කටයුතු කරන තමාට ඉදිරියට වසර 06 ක්‌ එම ධුරය දැරීමට යම් බාධාවක්‌ තිබේ ද යන්න ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට …

Continue Reading

මොරගහකන්දෙන් රට සමෘද්ධිමත් වන්නේ කෙසේද..?

මොරගහකන්ද ජලාශය රටේ අනාගතය සමෘද්ධිමත් වීමේ පදනම බවත් එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්aවය අතිශය ප්‍රබල එකක්‌ වනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08 වැනිදා) පොල්ගොල්ලේදී ප්‍රකාශ කළේය. මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කරමින් “සාළිස්‌ වසරක මහවැලි අසිරිය” නමින් පොල්ගොල්ලේදී පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය. මේ රටේ ජාතික ආර්ථිකයට මහවැලි …

Continue Reading

හිටපු ඇමති රවී කරුණානායකට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග

ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය …

Continue Reading

බැඳුම්කර කොල්ලය සිදුකළ කුප්‍රකට සමාගමෙන් රජයට තවත් කෝටි 42 ක පොල්ලක්

මහ බැංකු බැඳුම්කර කොල්ලය මඟින් රු.මිලියන 11,145 කට අධික මහජන මුදලක් හොරා කෑ බවට හෙළිවුණු ඇලෝසියස්ගේ මත්පැන් ස්කාගාරය රජයට අදාළ බදු නොගෙවමින් තවත් රුපියල් කෝටි 42 ක පොල්ලක් තබා ඇතැයි අනාවරණය වේ. අර්ජුන් ඇලෝසියස්ට අයත් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂසරීස් සමාගම් ජාලයේ මෙන්ඩිස් අරක්කු සමාගම මඟින් රජයට 2017 වර්ෂය සඳහා අයවිය යුතු රුපියල් කෝටි 42 කට අධික බදු මුදල් නොගෙවීම නිසා එම …

Continue Reading

තවත් බ්‍රේස්ලට් ශෝකාන්තයක්: තරුණ දරුවන් සිටින දෙමාපියන් කියවිය යුතුම කථාවක්

ඇය ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලකය. එම විදුහලේ ශිෂ්‍ය නායිකාවක්‌ මෙන්ම කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේද ඇය සාමාජිකාවකි. සාමාන්‍ය පෙළ විභාගය උසස්‌ ලෙස සමත්වූ ඇය ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හදාරමින් සිටී. මෙතැන් සිට අයෝමි යන අන්වර්ථ නාමයෙන් ඇයව අපි හඳුන්වන්නෙමු. ඉගෙනුමට සහ ක්‍රීඩාවට දක්‍ෂ වුවත් අයෝමි වසර ගණනක සිට ජීවත් වූයේ තම මනසට දැරිය නොහැකි දුක්‌ කන්දරාවක්‌ සමඟය. එයට ප්‍රධානම …

Continue Reading