බැදුම්කර විවාදය කල් අරින්න කඹ ඇඳිල්ලක්

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා 34 පිළිබඳව දින දෙකක විවාදයක්‌ පළාත් පාලන ඡන්දයෙන් පසු පවත්වන පළමු පාර්ලිමේන්තු සතියේදී ලබාදීමට ඊයේ (22) පැවති පක්‍ෂ නායක රැස්‌වීමේදී සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එකඟ වී ඇත. එහෙත් ආණ්‌ඩුවේ මෙම යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කර ඇති ජනතා විමුක්‌ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය එම වාර්තා …

Continue Reading

රවීට එරෙහි විශ්වාසභංගය එදා මහින්ද මඟ හැරියා; බැඳුම්කර හොරු හිරේ දැමීම අනිවාර්යයි- ජනපති

විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත්,එයට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය නොදී හිතාමතාම මඟ හැර රවී කරුණානායක මහතා එළියට පැමිණෙන විට දුරකථනයෙන් අමතා “රවී මම ආවේ නැහැ, උබට මගේ ඡන්දය දෙන්න, ප්‍රශ්නයක් නැහැ නේද කියලා” ඒක තමයි ඇත්ත කථාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ”. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) ඓතිහාසික මහනුවර …

Continue Reading

රතු භූමිතෙල් තොග අලෙවිය තහනම් කරයි

ලංකා භූමිතෙල් රථවාහනවලට, කර්මාන්ත ශාලාවලට, බවුසර්වලට හා තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලූම සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කළ බව ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. ලංකා …

Continue Reading

ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

සාමාන්‍ය සංඛ්‍යාත හැරුණු විට රැහැන් සහිත තාක්ෂණය හා විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ විවිධ නාලිකා පවත්වාගෙන යාමට දැන් දැන් බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ආගමික මුහුණුවරකින් හා අධ්‍යාපනික මුහුණුවරකින් පවත්වාගෙන යන නාලිකා රැසක් දැන් ලංකාවේ ද ඇත. බෞද්ධයා නාලිකාවෙන් ආරම්භ වී, එය ආදර්ශයට ගෙන විහාරස්ථාන ආශ්‍රිතව මෙවැනි නාලිකා කිහිපයක් දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. මේ ඇතැම් චැනලයන් ඉතා විශිෂ්ට ගණයේ වැඩසටහන් …

Continue Reading

එදා අප ලස්‌සන කළ කොළඹ අද ගඳ ගසන නගරයක්‌ වෙලා – මහින්ද කියයි

එදා අපි ලස්‌සන කර භාරදුන් කොළඹ නගරය සැලසුමකින් තොරව නැවත වරක්‌ ආපස්‌සට යමින් තිබෙනවා. එදා අප ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇනහිටලා. විශේෂයෙන් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව තට්‌ටු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඇතිකර 2018 වර්ෂය ආරම්භ වන විට ඔවුන් ඒවායේ පදිංචි කිරීමටයි අපි බලාපොරොත්තු වුණේ. නිවාස ප්‍රශ්නය විසඳීමට පැල්පත්වලින් තොර නගරයක්‌ බවට පත් කිරීමයි අපේ වැඩපිළිවෙළ වු බව, කොළඹ විහාර මහාදේවි …

Continue Reading

මුදල් හා ආර්ථික අමාත්‍යංශත් ජනපති යටතට!

ගතවූ අවුරුදු තුන තුළ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත් මේ වසරේ සිට රටේ ආර්ථිකය තමන් බාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන රැළියකට එක්වෙමිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් කළ සොයාබැලීම් වලින් දැනගන්නට ලැබුණේ මුදල් …

Continue Reading

හිටපු රුසියානු තානාපති උදයංගගේ දේපළ විකිණීම තහනම් – උසාවියෙන් නියෝගයක්‌

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් රුපියල් කෝටි ගණනාවක්‌ වටිනා ඉඩම් දෙකක්‌ හා ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ පිහිටි සුපිරි නිවසක්‌ ඇතුළු දේපළ විකිණීම හෝ අන්සතු කිරීම වළක්‌වමින් කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (19 දා) නියෝගයක්‌ නිකුත් කළාය. දොම්පේ ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් රුපියල් මිලියන 70 ක්‌ පමණ වටිනා අක්‌කර හතක්‌ පමණ වූ ඉඩම් කොටස්‌ දෙකක්‌ විකිණීම හා …

Continue Reading

උණ නම් රුධිර පරීක්ෂාව වැදගත්. ඩෙංගු නැවතත් හිස ඔසවලා

උණ රෝගය කෙරෙහි සැලකිලිමත් නොවී ප්‍රමාද වී ප්‍රතිකාරවලට යොමු වීම ඩෙංගු මරණ සිදු වීමේ ප්‍රධාන හේතුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් එය සුව අතට පත්වුවද දින දෙකකින් පසුව ඩෙංගු රෝගය සඳහා රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු බවත් එමඟින් වැළඳී ඇත්තේ සාමාන්‍ය උණක් ද, නොඑසේ නම් ඩෙංගු උණ ද යන්න තහවුරු කර ගත හැකි බවත් වෛද්‍යවරු …

Continue Reading

සන්තෝශම් දීලා අහුවෙන්න එපා – මැ.කො.අවදානයෙන්

මැතිවරණ ප්‍රචාරය ඉලක්‌ක කරගෙන සෘජුව හෝ වක්‍රව සිදු කරන භාණ්‌ඩ බෙදාදීම් වැළැක්‌වීමට මැතිවරණ කොමිසම පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත. භාණ්‌ඩ බෙදාදීම් පිළිබඳ පැමිණිලි ලැබුණු වහාම මැතිවරණ නිලධාරීන් යොදවා ඒවා වැළැක්‌වීමට පියවර ගැනීමටත් එසේ නොවන අවස්‌ථාවන්හිදී අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතය. සෘජුව භාණ්‌ඩ බෙදීමට බාධා ඇති නිසා මේ වනවිට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන මැතිවරණ ප්‍රචාරක ප්‍රවර්ධනය සඳහා භාණ්‌ඩ බෙදාදීමට …

Continue Reading

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිපදවන හා විකුණන අය අල්ලන්න වැටලීම්

තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන, වෙළඳාම් කරන හා භාවිතා කරන ආයතන වැටලීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එම අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පවසන්නේ හඳුනාගත් එවැනි ආයතන 10ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි. ජෛව හායනයට ලක්වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන නිපදවන පෞද්ගලික ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු ද සිදුකරමින් පවතින …

Continue Reading