බැදුම්කර විවාදය කල් අරින්න කඹ ඇඳිල්ලක්

Spread the love

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා 34 පිළිබඳව දින දෙකක විවාදයක්‌ පළාත් පාලන ඡන්දයෙන් පසු පවත්වන පළමු පාර්ලිමේන්තු සතියේදී ලබාදීමට ඊයේ (22) පැවති පක්‍ෂ නායක රැස්‌වීමේදී සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එකඟ වී ඇත.

එහෙත් ආණ්‌ඩුවේ මෙම යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කර ඇති ජනතා විමුක්‌ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය එම වාර්තා පිළිබඳ විවාදය මෙම සතියේදීම ලබාදෙන ලෙසට බලකර ඇත.

එම නිසා මේ පිළිබඳ යළි තීරණය කිරීම සඳහා හෙට (24) පෙරවරුවේ නැවතත් පක්‍ෂ නායක රැස්‌වීමක්‌ පැවැත්වීමට තීරණය කර තිබේ. එහිදී අදාළ වාර්තා විවාදයට ගන්නා නිශ්චිත දින දෙක තීරණය කරගන්නා බව විජිත හේරත් මහතා පැවසීය.

කෙසේ වෙනත් අද (23) පාර්ලිමේන්තුව රැස්‌වූ පසුව බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ පිටපත් සහ බරපතළ වංචා දූෂණ වාර්තා 34 සභාගත කිරීමට එකඟ වූ බව පැවසූ විජිත හේරත් මහතා ඉන්පසු ඒ පිළිබඳ අදහස්‌ දැක්‌වීමට පක්‍ෂ නායකයින්ට අවස්‌ථාව ලබාදීමට එකඟ වූ බවද පැවසීය.

මේ අනුව අද පාර්ලිමේන්තුව පැය දෙකක පමණ කාලයකට සීමාවනු ඇතැයි ද එහිදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්‌වීම පැවැත්වීමට නියමිතව ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.

RSL

Related Posts