සහල් වැඩි මිලට විකිණුවහොත් රු. ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට
සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාළ සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නව නීතිය සම්මත වූ පසු සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර …
Continue Reading
‘ලංකාවේ ඩොලර් ණය අර්බුදය‘ සරලව වටහා ගනිමුද ?
2012 – 2015 ‘ග්‍රීසියේ සිදු වූ ආර්ථිකය බිඳ වැටීම, මේ සතියේ ලංකාවේ සිදු වන්නේ නැත. නමුත් තව මාස තුන හතරක් ගැන විශ්වාසයක් ද නැත. ලංකාව ජූලි 30 දිනට ඩොලර් මිලියන 106.5 ක ණයක් ගෙවිය යුතුය. එයින් කොටසක් ගිය සතියේ ගෙවා ඇත. ජූලි 28 මහ බැංකුව බැඳුම්කර නිකුතුවකින් රු. මිලියන 47,500 ක් සොයා ගැනීමට උත්සහ කරයි. එය සාර්ථක වන්නේ නම් ලංකා ආර්ථිකය …
Continue Reading
‘සිලෝන් ටී Ceylon Tea’ සන්නාමය විනාශයේ දොරකඩ
අපනයන තේ මිල ජූලි තුන් වන සතියේ තවදුරටත් පහත වැටී ඇත. ‘සිලෝන් ටී‘ තත්වයෙන් බාලවීම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුවයි. කර්මාන්ත ශාලා වෙත දෛනිකව ලැබෙන දළු ප්‍රමාණය වේගයෙන් පහත වැටෙමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජූලි 19 හා 20 තේ වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ කිලෝ මිලියන 6.8 ක් පමණී. පෙර සතියේ තේ අලෙවිය …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තමන්ගේ තරම දැනගත යුතුයි – පොහොට්ටු මහ ලේකම්
මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන්ට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සාගර කාරියවසම් මහතා පවසනවා. සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු …
Continue Reading
‘පාසල් විවෘත කිරීම සහ 2021 අපොස සාපෙළ ගැන‘ අධ්‍යාපන ඇමැති කළ හෙළිදරව්ව
සැප්තැම්බර් පළමු සතිය තුළ දිවයිනේ පාසල් නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා. අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීමට පෙර අමාත්‍යාංශය විසින් COVID-19 එන්නත දෙවන මාත්‍රාව අගෝස්තු මස අග වන විට ගුරුවරුන් සඳහා ලබා දීමට අපේක්ෂා කරන බවයි. නිශ්චිත සැලැස්මක් අනුව හා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය …
Continue Reading
ගෑස්වලට තවත් ගැසට් දෙකක්
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් සහ බර සඳහන් කළ යුතු ආකාරය ගැන සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. 10 (1) (a) of the CAA Act, No. 09 of 2003 පනත මගින් පාරිභෝගික සේවා අධිකාරියට පවරා ඇති බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසනායකගේ …
Continue Reading
‘ලංකාව පුරාම ඩෙල්ටා ආසාදිතයින් සිටිනවා‘ – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම දැකිය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඩෙල්ටා ව්‍යාප්තිය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ බස්නාහිර පළාත, උතුරු, දකුණු හා නැගෙනහිර පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති අවස්ථාවකදී මෙවැනි සිද්ධීන් රටේ සෑම දිස්ත්‍රික්කයකම සොයාගත හැකි බවයි. සෞඛ්‍ය බලධාරීන් විසින් මේ …
Continue Reading
‘ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ රට ව්‍යසනයක් අද්දර‘ – වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ
කොවිඩ් වසංගතයේ අලුත් තත්වය තේරුම් නොගෙන මේ වනවිට සිදුවන නොසලකා හැරීම් නිසා ලංකාවත් බරපතල ව්‍යසනයකට ගොදුරුවීමේ ඉඩක් ඇති බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි. විශේසඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මේ බව පැවසූවේ අද (24) කොළඹදී පැවති ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අබේසිංහ මහතා …
Continue Reading
Delta ව්‍යාප්තිය සමග රෝහල් පද්ධතිය අර්බුදයක
ලෝකය පුරා කොවිඩ් වසංගතයේ බරපතළ තත්ත්වයක් ඇති කළ ‘සැර වෛරස් ප්‍රභේදයක්‘ වශයෙන් සැලකෙන ඉන්දියානු වෛරසය හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අසීරුතාවයකට මුහුණදී ඇතැයි ඩේලිමිරර් ඊ පුවත්පත ඊයේ වාර්තා කළා. එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වුණේ ජාතික රෝහල් පද්ධතිය තම උපරිම ධාරිතාවට පැමිණ ඇති බවත් ඉඩකඩ නොමැතිවිම හේතුවෙන් රෝගීන් මූලික රෝහල් වලට මාරුකර යැවීමට …
Continue Reading
ශ්‍රී ලංකාවේ විවාහ නීතියේ අවුල නිසා ‘බැටකන තරුණ පරපුර‘
ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත. නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක. යෞවන වියට පා තබන දියණියක හෝ පුතෙකු සිටින දෙමව්පියන්ගෙන් අති බහුතරය සිය දරුවන් ප්‍රේම සබඳතා කෙරෙහි යොමුවන්නේ ද යන්න …
Continue Reading