ගෑස්වලට තවත් ගැසට් දෙකක්

Spread the love

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් සහ බර සඳහන් කළ යුතු ආකාරය ගැන සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා.

10 (1) (a) of the CAA Act, No. 09 of 2003 පනත මගින් පාරිභෝගික සේවා අධිකාරියට පවරා ඇති බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසනායකගේ නියෝගයෙනි.

ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

අනෙක් ගැසට් නිවේදනය මගින් නිවේදනය කර ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය බවයි. ගෑස් සිල්න්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැතිනම් ඒවා නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව LP ගෑස් අඩංගු ලීටර් 18ක, එසේත් නැත්නම් කිලෝග්‍රෑම් 9.6ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් වෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිල්න්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181ක් ලෙස ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Related Posts