Delta ව්‍යාප්තිය සමග රෝහල් පද්ධතිය අර්බුදයක

Spread the love

ලෝකය පුරා කොවිඩ් වසංගතයේ බරපතළ තත්ත්වයක් ඇති කළ ‘සැර වෛරස් ප්‍රභේදයක්‘ වශයෙන් සැලකෙන ඉන්දියානු වෛරසය හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අසීරුතාවයකට මුහුණදී ඇතැයි ඩේලිමිරර් ඊ පුවත්පත ඊයේ වාර්තා කළා.

එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වුණේ ජාතික රෝහල් පද්ධතිය තම උපරිම ධාරිතාවට පැමිණ ඇති බවත් ඉඩකඩ නොමැතිවිම හේතුවෙන් රෝගීන් මූලික රෝහල් වලට මාරුකර යැවීමට උත්සාහ කළ ද මුලික රෝහල්ද තම උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.

රෝහල් තුළ ඔක්සිජන් අවශ්‍යතාවය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් වේවිද යන සැකය පවතින බවද එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළා.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද ඉන් රෝහල් ධාරිතාවට බලපෑමක් එල්ල වී නොමැති බවයි.

‘‘ මේ දක්වා මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ 66 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොළඹ මහනගර සභාව ආශ්‍රිත සෞඛ්‍ය බලප්‍රදේශයෙන් වාර්තාවී තිබෙන්නේ. දැනට අපිට රෝහල් ධාරිතාවය ගැන ප්‍රශ්නයක් නැහැ. රෝගීන්ගේ සුළු වැඩිවීමක් තියෙනවා ඇත්තටම. නමුත් අපිට දැනට ඇඳන් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. 66 දෙනා ඇරෙන්න අනිත් අයගේ තියෙන්නේ කලින් තිබ්බ බ්‍රිතාන්‍ය ප්‍රභේදයම තමයි‘ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැහැදිලි කරමින් සදහන් කළා

Related Posts