යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?

මාස කිහිපයක් පුරා පැවති අවිනිශ්චිතතාව බිඳ හෙලූ රුසියාව යුක්‍රේනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් උතුර, නැගෙනහිර, සහ දකුණු දිශාවන්ගෙන් යුක්‍රේනයට පහර දෙමින් සිටියි. රුසියාවේ මෙම ආක්‍රමණය යුරෝපීය යුද්ධයක ආරම්භය විය හැකි බව යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටියේ ය. නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පැවසූවේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය “යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්” …

Continue Reading

මෙගා විදුලි බිල වහාම ගෙවන ලෙස ලංවිම ඇමැති කෙහෙළියට යළි කියයි

රුපියල් 12,056,803.38ක් වන හිග විදුලි බිල වහාම ගෙවා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. මෙය 2015 පෙබරවාරි මාසයේ සිට පරිභෝජනය කරන ලද විදුලිය සඳහා බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළ අතර අද වනතුරු එම ගෙවීම පියවීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවයි විදුලි බල මණ්ඩලය සදහන් කළේ. ලංවිම නිලධාරීන් 2021 දෙසැම්බර් 22 දින …

Continue Reading

ජනතාව දවාලට පෝලිමේ – රෑට කළුවරේ – ඇමතිවරු වාහන පෝලිම්වල යන ගමන් ජනතාවට වැදි බණ කියනවා’

මේ වනවිට රට තුළ ඉන්ධන හිගය සහ විදුලිය කැපීම මූලික කරගෙන ජනතාව දැඩි පීඩනයකට පත්කර සිටින අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ සුපුරුදු නාස්තිකාර ජීවිත ගෙවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. අද (24) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී පලකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ. “මේ මොහොතේ …

Continue Reading

SL vs IND T20: ශ්‍රී ලංකාවට ලකුණු 62ක පරාජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී දක්ෂ පන්දු යැවීමක නිරත වුවද ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී නිසි එල්ලයකට පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 62 ක පරාජයක් ශ්‍රී ලංකාව අද (24 දා) අත්වින්දේය. ආරම්භයේ සිටම දුර්වල ඉලක්කයන් සහිතව පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළි ඉෂාන් කිශාන් …

Continue Reading

ලක්ෂ 120 පැන්නූ විදුලි බිල ඇමැති කෙහෙළියගේ – ටිල්වින් සිල්වා හෙළි කරයි

අද (24) පැවැතිමාධ්‍ය හමුවකදී රුපියල් ලක්ෂ එකසිය විස්සක විදුලි බිලකට පොලු තබා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය.

Continue Reading

හෙට පැය 5කට වැඩි විදුලි කප්පාදුවක්

හෙට (25) පැය පහකට වැඩි කාලයක් භ්‍රමණ විදුලිය විසන්ධි කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී ඇත. විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙම අවසරය ලබාදී ඇත. ඒ අනුව හෙට දිනයේ A,B,C ප්‍රදේශවලට පැය 5 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක …

Continue Reading

ඉන්දීය නාවික හමුදාවේ විශාලතම බහුජාතික යුද අභ්‍යාසය හෙට ආරම්භ වේ

මෙම අභ්‍යාසය තුලින් ඉන්දියන් සාගර කලාපයේ ශුද්ධ සමුද්‍රීය ආරක්ෂක සැපයුම්කරුවෙකු ලෙස ඉන්දියාව ශක්තිමත් කිරීමට අදහස් කෙරේ. ඉන්දීය නාවික හමුදාවේ මිලාන් 2022 බහුපාර්ශ්වික අභ්‍යාසයේ නවතම අදියර ආන්ද්‍රා ප්‍රදේශ්හි විශාකාපට්නම්හිදී හෙට සිට ආරම්භ වීමට නියමිතය. මෙහෙයුම සඳහා රටවල් හතළිහකට ආරාධනා කර ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.මෙහෙයුම මෙම කලාපයේ විශාලතම බහුපාර්ශ්වික අභ්‍යාසය වනු ඇත. මෙම අභ්‍යාසය සඳහා චතුරස්‍රාකාර සංවිධානයේ(Quad) රටවල්, රුසියාව …

Continue Reading

ශ්‍රී ලංකාවේ ‘වෙළඳ භාණ්ඩ අපනයනය‘ 13% කින් ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා, 13% කින් වැඩි විය. එය 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 5.7% ක වැඩිවීමකි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පැවසුවේ, 2022 ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර‍ සියල්ලම පාහේ දිරිගන්වනසුලු ප්‍රවණතා පෙන්නුම් කර ඇති බවත්ය.‍ …

Continue Reading

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි – ආක්‍රමණය ගැන අප දන්නා දේ

නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පවසන්නේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය “යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්” බවයි. “අපිට දැන් යුරෝපයේ යුද්ධයක් තියෙනවා, ඒ පරිමාණයෙන් සහ වර්ගයෙන් අපි හිතුවේ ඉතිහාසයට අයිතියි එකක් කියලා.” යැයි ඔහු පැවසීය. උතුරු අත්ලාන්තික් කවුන්සිලය සමඟ රැස්වීමක් අවසන් කර ඇති බවත්, හදිසි උපදේශන පැවැත්වීමට රටවල් විශාල ලැයිස්තුවක් එකඟ වී ඇති බවත් ඔහු …

Continue Reading

‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයකට ආණ්ඩුවෙන් සැලසුම්‘ – 43 සේනාංකය

කෘෂිකර්මය, බලශක්තිය, මහාමාර්ග සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර මුහුණ පානා ගැටළු පිළිබද කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුව ‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක් මහාමාර්ග අමාත්‍යාංශය හරහා සිදු කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව 43 සේනාංකය පවසයි. අද (23) පැවැති මාධ්‍ය හමුවක දී මෙම අනාවරණය සිදුවිය. මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංක සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේ රටේ …

Continue Reading