රනිල්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විසිවේ
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. තීන්දුව …
Continue Reading
විදුලි ගාස්තුව ඉහළට
-
RSL
-
July 19, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදුලිබල මන්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින්ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.
Continue Reading
පාස්කු පරීක්ෂණයට බ්‍රිතාන්‍ය පොලිසියේ සහය
-
RSL
-
July 19, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා එක්සත් රාජධානියේ සහ එරට පොලිසියේ සහයෝගය ලබා ගැනීමට තමා කැමති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සියලු පාර්ශ්ව කැමති නම් එලෙස කළ හැකි බවද වැඩබලන ජනාධිපතිවරයා කීය. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ප්රශ්නය හැමදාම ඇදගෙන යාමට අවශ්‍ය නොවන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එම ප්රශ්නය විසඳීමට තමා කැප වන බව ද කීය. පාස්කු …
Continue Reading
කඳුළු ගෑස් සොරකමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
ජුලි 13 වැනිදා පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීමෙන් පසු විරෝධතාකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය කඳුළු ගෑස් කැනිස්ටර් 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (17) ඔබේසේකරපුර නානායක්කාර මාවතේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බොරැල්ල ගෝතමී පාරේ ඔහු පදිංචිව සිටි තාවකාලික නිවසේ තිබී කඳුළු ගෑස් ප්‍රහාර 50ක් …
Continue Reading
අරගලයට දින 100 යි
-
RSL
-
July 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා නිර්පාක්ෂික අරගලකරුවන් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වූ අරගලය අද (17) දින 100 සම්පූර්ණ කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පැවැති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම අරගලය ශ්‍රී ඉතිහාසයේ වඩාත් තීරණාත්මක මෙන්ම සාර්ථක අරගලය බවට පත්ව ජනාධිපති ගෝඨාභය …
Continue Reading
ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක්
-
RSL
-
July 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. රටක උද්ධමනය සියයට 50 සීමාව පසු කළ විට එම රට අධි උද්ධමනය ඇති රටක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ හඳුවන්වති. ශ්‍රී ලංකාවේ 2021 වසරේ ජූනි මස සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 වසරේ ජූනි මස වන විට සියයට 54.6 ක් දක්වා වැඩි වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න …
Continue Reading
පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී
-
RSL
-
July 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි. ඒ් අනුව පොලොන්නරුව මහ රොහල, මූලික රෝහල් 3ක් සහ ප්‍රාදේශීය රෝහල් 9ක් මේවන විට අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ක්‍රියාත්මක වන බව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කියයි. මේ …
Continue Reading
පැය 3 ක විදුලි කප්පාදුව තව දින දෙකකට දීර්ඝ වෙයි
-
RSL
-
July 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින දෙකට දීර්ඝ කරමින් හෙට සහ අනිද්දා (18 සහ 19) දක්වා ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (17) පෙරවරුවේ පැවසීය. ඒ අනුව එම දින දෙකේ පැය 3 ක් විදුලිය කප්පාදු කරන බවත් ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ …
Continue Reading
ජංගම ඉන්ධන පිරවුම්හල් එයි
-
RSL
-
July 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ඉන්ධන බෙදාහැරීම ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් එම පිරවුම්හල් හැකි ඉක්මණින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම ජංගම පිරවුම්හල්වලින් ත්‍රීරෝද රථ සහ විදුලි ජනන යන්ත්‍රවලට (ජෙනරේටර්) ඉන්ධන ලබාදීමට නියමිත අතර ජංගම පිරවුම්හල ක්‍රීඩාංගණවලට ගෙනවිත් ත්රිරෝදරථවලට පෙට්‍රල් ලබාදීමට නියමිතය.
Continue Reading
බැසිල්ගේ රටින් පනින තැත වරදී
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තාවල සදහන් වෙයි. තවදුරටත් සදහන් වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා …
Continue Reading