පාස්කු ඉරුදින ප්‍රහාරය  සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා එක්සත් රාජධානියේ සහ එරට පොලිසියේ සහයෝගය ලබා ගැනීමට තමා කැමති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සියලු පාර්ශ්ව කැමති නම් එලෙස කළ හැකි බවද වැඩබලන ජනාධිපතිවරයා කීය.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නය  හැමදාම ඇදගෙන යාමට අවශ්‍ය නොවන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්නය විසඳීමට තමා කැප වන බව ද කීය.

පාස්කු කොමිසමේ වාර්තාවට අමතරව තවත් වාර්තා තිබෙන බවත් මේ ගැන යළිත් සම්පූර්ණ  අපක්ෂපාතී සමාලෝචනයක් කිරීමට  කැමති බවත් වැඩ බලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.