බැසිල්ගේ රටින් පනින තැත වරදී

Spread the love

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තාවල සදහන් වෙයි.

තවදුරටත් සදහන් වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා සේද මාවත මගී නිෂ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් ව ඇති බවයි.

සිය නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගෙන ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් කණුගල මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත. මෙසේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු අදාළ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

RSL

Related Posts