නව චෙට්ටි වීදියේදී වෙඩි තැබීමක්

Spread the love

කොළඹ නව චෙට්ටි වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ. වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයට අයත් නව චෙට්ටි වීදියේ හින්නිඅප්පුහාමි හන්දිය අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 29 හැවිරිදි තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

RSL

Related Posts