ජනපති නියෝගයෙන් අරුන්දිකව ඇමති කමින් නෙරපයි

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම...

සිල් රෙදි දුන්නේ ජනතාවගේ ඉල්ලීමට – මහින්ද අද කියයි (Video)

සිල්රෙදි බෙදා දීම වරදක් නොවන බවත්, එය ජනතාවගේ ඉල්ලීමක් අනුව සිදු කළ කටයුත්තක් වන බවත් හිටපු ජනපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(11) පැවසීය. මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදා දීමට වරදකරුවන්ව බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම්...

හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන (Video)

හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන තිබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය දා අගමැතිවරයා හමුවීමට යෑමෙන් ඒ බව සිතිය හැකි බව ද ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති. අද(11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ...

ලලිත් වරදකරු කොට සිරගත කළ පසු සිල් රෙදි බෙදාදීමේ වගකීම මහින්ද භාර ගනී

සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග කළේ තමා බවත්, එහි වගකීම තමා භාර ගන්නා බවත් මෙම සිද්ධිය දේශපාලන කටයුත්තක් නොව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සිදු කළ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිල් රෙදි බෙදාදිමේ සිද්ධිය සම්බන්ධයෙන්...

අපි ගැන දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගිලා – විග්නේෂ්වරන්

උතුරු පළාත සහ ජනතාව සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. මෙය දකුණේ මෙන්ම උතුරේද ජනමාධ්‍ය සහ ඒවායේ හිමිකරුවන් වගකිව යුතු බවත්, තමා කිසි විටෙකත් රට බෙදන්න යැයි නොපවසන බවද...

ලලිත් – අනූෂත් සුපුරුදු රංගනයට; බන්ධනාගාර රෝහල් ප්‍රධානියාට අල්ලස්!

මෙරට ජනතාවගේ මහජන මුදල් ගසා කෑ, බලය වෙනුවෙන් මිනී මැරූ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පාපතර සහචරයින් වරදකරුවන් වී බන්ධනාගාර ගත කළ සෑම අවස්ථාවකදීම පැය 24ක් ගත වීමටත් මත්තෙන් සිදුකළේ බන්ධනාගාර රෝහලට රිංගා ගැනීමයි. එම සුපුරුදු තක්කඩි රංගනය පෙරේදා බන්ධනාගාර ගත කළ...

එජාප සංවත්සරය දින නියමයකින් තොරව කල් දමයි

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය මෙවර රත්නපුරයේදි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද හදිසි අයහපත් කාලගුණික තත්වය මත එය කල් දැමීමට සිදු වූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරයි. අමාත්‍යතුමිය මේ බව සදහන්...

2020 දී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානගත තනි ආණ්‌ඩුවක්‌ හදනවා – එජනිස මහ ලේකම්

එළැඹෙන 2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ අරමුණු රැසක්‌ මේ වනවිට ඉටුකරගෙන ඇතැයිද ඉදිරි වසර කිහිපයේදී සෙසු අරමුණු ඉටුකර ගැනීමට කටයුතු...

ඉදිරි මැතිවරණයට එජාප අපේක්ෂකයන් තෝරන්න අලුත් ක්‍රමයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් බඳවා ගැනීම නව නිර්ණායකයන් යටතේ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි. ගමේ පන්සලේ, පල්ලියේ හොද හිත දිනා...

ගොඩහේවා ගෝඨාගේ කළු සල්ලි ගොඩ දමමින් ‘එළිය’ පෙන්වයි

පුරා දශකයකට ආසන්න කාලයක් පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව කටයුතු කළ කුප්‍රකට මිනීමරුවකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ‘ගෝඨා’ එසමයේ රැස්කළ කළු සල්ලි සුදු කරමින් තම රෙජීමය වෙනුවෙන් වූ තවත් ව්‍යාපෘතියක් ඊයේ(06) ‘එළිය’ නමින් ඇරඹීය. මීට පෙර ගෝඨාගේ...
Loading posts...

All posts loaded

No more posts