බලකඳවුරු දෙදරවමින් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම අරඹයි (Exclusive)

ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වූ ජනවාරි 08 ප්‍රජාත්‍රන්තවාදී අරගලයේ නව හැරවුමක් සිදුකිරීමට සැලසුම් කරන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊට අදාළ මූලික ප්‍රවේශය ජනාධිපතිවරයා ගෙන ඇති බවට ඔහුගේ වත්මන් දේශපාලනය භාවිතාව තුලින් පිළිබිඹුවන අතර එය මෙරට දේශපාලන උඩු යටිකුරු කරන දේශපාලන මෙහෙයුමක් වනු ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් සහ …

Continue Reading

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක්‌ වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත. ඉන් වැඩිම වටිනාකමක්‌ ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ අසල ඇති ඉඩමයි. වන්නි මෙහෙයුමට පෙර මෙම ඉඩම ගැන තොරතුරු හෙළි වී නොතිබුණි. විකුණා දැමීමට තීරණය කර ඇති දේපළ අතර වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක්‌ සහ මුද්‍රණාලයක්‌ද වේ. මේ හැර කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් …

Continue Reading

30 වැඩවර්ජනය අනිවාර්යයි: GMOA

කුමන බාධා පැමිණිය ද ලබන 30 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ තම ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවයි. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පල කළේය.

Continue Reading

මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ …

Continue Reading

එක්නැලිගොඩගේ බිරිඳ ඇතුළු මව්වරු කොටුවේ උද්ඝෝෂණයක

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ හා නාවික හමුදා අතුරු කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි කියන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය. කාලි මෑණියන්ට හා සරස්වතී දේවියට කෙරෙන යාදින්නක ස්වරූපයෙන් සංවිධානය කර ඇති මෙහි සංවිධායකයන්ගේ නම ‘අපේ ජීවිත වෙනුවෙන් අපි’ මැයෙන් නම් කර තිබුණි. ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දේව රූපවලට මල් දම් පළඳවා සුවඳ …

Continue Reading

මහින්දට වේදිකාවේදී මානසික ව්‍යායාකූලතාවයක් (විශේෂ – වීඩියෝ)

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන මහින්ද රාජපක්ෂ මහතා යළි සුපුරුදු කාලීන මානසික ව්‍යායාකූලතාවයෙන් පෙළෙමින් සිටින බවට වාර්තාවේ. එය මේ වන විට ඔහු වේදිකාවේ සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලිවේ. ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ පරාජයක් හෝ දේශපාලන කඩාවැටීමක් දැනෙන්නට ගත් මොහොතේ පටන් ඔහු දැඩි මානසික ආතතියකට ලක්වේ. ඒ මොහොතේ සිට ඔහු පවසන වචන පැටලෙන්නට ගනී. බෙලිඅත්තේ …

Continue Reading

බැඳුම්කර-බරපතළ වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

බැඳුම්කර සහ බරපතළ වංචා පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය වී තිබේ. අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී එය තීරණය වී ඇති බව සඳහන්ය. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

Continue Reading

පොහොට්ටුවේ පෙත්සම් ඉල්ලා අස්කරගනී

පළාත් පාලන ආයතන 06ක් සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සම් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබේ. මහරගම නගර සභාව, පානදුර, අගලවත්ත, මහියංගණය, තිරප්පනේ සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ …

Continue Reading

බැඳුම්කර වාර්තාව පිළිගන්නේ නැත්නම් විවාදයක්‌ දෙන්න බැහැ – සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

පිටු අඩු අසම්පූර්ණ වාර්තාවක්‌ සභාගත කර ඇතැයි විපක්‍ෂය චෝදනා කරනවා නම් එවන් අසම්පූර්ණ වාර්තාවක්‌ පිළිබඳ විවාදයක්‌ ලබාදිය නොහැකි බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (31 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. පාර්ලිමේන්තුවේදී බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ කොමිෂන් වාර්තාව සභාගත කළ පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අදහස්‌ දක්‌වද්දී සභානායකවරයා මේ බව කීවේය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් …

Continue Reading

රවී ජම්පරේ අඳින දවස ඩිව් කියයි

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය. ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවි …

Continue Reading