බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 544 ක් විශේෂ ජනාධිපති සමාව ලබා අද නිදහස් වෙයි
70 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති විශේෂ සමාව යටතේ රැඳවියන් 544 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති බවයි. අනුරාධපුර, කළුතර, මීගමුව, මහර, ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් පිරිසක් අද දිනයේ ජනාධිපති විශේෂ සමාව යටතේ …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදැසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. කොල්ලුපිටිය මල්පාරේ පිහිටි එම නිවෙස් වෙත අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් තිබිණි. එහිදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති …
Continue Reading
70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි
”එකම දැයක් ” තේමාව කොට ගත් 70 වැනි සංවත්සරික ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව කොළඹ ගාලු මුවදොර දී අද (4) පෙ.ව.8.00 ට පැවැත්වීමට නියමිතව තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිදහස් උළෙල පවැත්වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සහ රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තන්,රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් …
Continue Reading
ආබාධිත පුද්ගලයින්ට ඡන්දය දාන්න නොමිලේ ප්‍රවාහන පහසුකම්: මැ. මහ ලේකම් කාර්යාලය
ආබාධිත පුද්ගලයින්හට ඡන්ද මධ්‍යස්ථාන වෙත යාම සඳහා හෙට දිනයට පෙර ප්‍රවාහන පහසුකම් ඉල්ලූම් කරන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ආබාධිත පුද්ගලයින්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ඉල්ලුම් කළ යුතු වෙයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 07 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව …
Continue Reading
ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ අංශයේ හිටපු ඕ.අයි.සී රිමාන්ඩ්
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගස්කිස්ස අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ මස 16 වන දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.
Continue Reading
ඡන්දය දැමීමෙන් වැලකෙන අයට අයකුට රු.2000ක් ගෙවන කල්ලියක්
ඡන්දදායකයන්ගේ නිල ඡන්ද කාඩ්පත් සහ හැඳුනුම්පත් මුදලට එකතුකර එම ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වළක්වා සිටීමේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව පොලිසිය කණ්ඩායම් තුනක් යොදා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එක පුද්ගලයකුට රුපියල් දෙදහසක පමණ මුදලක් ලබා දෙමින් ආරම්භ කර ඇති එම කුමන්ත්රණයෙන් මේ වන විටත් බොහෝ පිරිසකට එසේ මුදල් ලබා දී ඇති බවටද තොරතුරු හෙළි වී …
Continue Reading
ඡන්ද කොල්ල කන අයට වෙඩි තියන්න පොලිසියට බලය
ඡන්ද මධ්‍යස්ථානයක් යම් කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඡන්ද කොල්ලකෑමක් සිදු කළොත් වෙඩි තබා ඝාතනය කිරීම දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට බලතල ලබා දී තිබේ. මැතිවරණ ආඥා පනතේ 93 සහ 96 වගන්තිවලින් එම බලය ලබා දී ඇති අතර එම පනතේ 92 (4) උප වගන්තියේ සීමා කිරීම්වලට යටත්ව සෑම පොලිස් නිලධාරියකුටම එම බලතල පැවරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ …
Continue Reading
මැකෝ පැනවූ සීමා කැඩූ කිරිඇල්ලට , මුස්තාෆාට වේවැල් පාර වදියිද?
පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ලක්ෂ්මන් කිරිඇල්ල හා ෆයිසර් මුස්තාපා යන ඇමැතිවරුන් සිදු කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අද (02 දා) පැවැත්වෙන පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට ඉදිරිපත් කර තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා දෙන්නේ අගමැතිවරයා බැවින් තම පක්ෂයට ආයතනවල බලය ලබා දෙන ලෙසට ඇමැති ලක්ෂ්මන් …
Continue Reading
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ආයතන 24 ක බැංකු ගිණුම් තහනම දිගු වෙයි
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් පසුගිය සතියේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් තහනම් කිරීමට ගත් තීරණය කොළඹ මහාධිකරණය මගින් දීර්ඝ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද (01) කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කිකුත් කර තිබේ. මෙම ගිණුම් අත්හිටුවීම දින 30 ක් වලංගු වන අතර එය නැවත …
Continue Reading
ජල සම්පාදන සේවකයින් හෙට වැඩවර්ජනයක
මෙම වසරට නියමිත වැටුප් වර්ධකය ලබා නොදීම හේතුවෙන් හෙට (02) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදුනහොත් අත්‍යාවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක ප්‍රකාශ කළේය.
Continue Reading