
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් පසුගිය සතියේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් තහනම් කිරීමට ගත් තීරණය කොළඹ මහාධිකරණය මගින් දීර්ඝ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද (01) කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කිකුත් කර තිබේ.
මෙම ගිණුම් අත්හිටුවීම දින 30 ක් වලංගු වන අතර එය නැවත අලුත් කිරීමේ හැකියාවක් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශව මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශවයක් වෙත ගලායෑම වැලැක්වීමේ අරමුණින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
Loading...