ඝාතන රැසකට වගකිව යුතු ගෝඨාභයට තවත් බුරුලක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කුප්‍රකට මිනීමැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු බවට නම ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාට අද තවත් බුරුලක් ලැබී ඇතැයි වාර්තාවේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නොහොත් රාජපක්ෂලාගේ අම්මා-අප්පා කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් …

Continue Reading

සැලසුම් සහගත ඡන්ද පෙත්සම ඉල්ලා අස්කරගනී!

දේශපාලන සැලසුමක් මත පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත. මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක්‌ වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට්‌ නිවේදනය බලාත්මක කිරීම වළක්‌වන්නැයි ඉල්ලා පුද්ගලයන් හයදෙනකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම …

Continue Reading

ඡන්දයට එක්‌වෙන්න අයවැය පරදවන්න – ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැති රැස්‌වීමේදී මෙම තීන්දුවට එළැඹි බව කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට …

Continue Reading

අය-වැය ජන්ද විමසීම අවසන් වන තුරු එජාප මැති ඇමැතිවරුන්ට රටසවාරි බෑ

අය-වැය තෙවැනි වර ජන්ද විමසීම අවසන් වන තුරු විදේශ සංචාරවල නිරත නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදි පෙරේදා (27) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ දැනුම් දීම කෙළේය. කලින් ලැබුණු නිල ආරාධනාවලට අනුව සංචාරය කිරීමටද අවසර ලබා දිය නොහැකි බව අගමැතිවරයා මෙහිදි පවසා තිබේ. අයවැය තෙවැනි වර …

Continue Reading

තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවෙයි – ජනපති අවධාරණය කරයි

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි. කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, …

Continue Reading

කිලිනොච්චියේ සොහොන් බිම‌ ඉදිකිරීම අත්හිටුවීමට නියෝගයක්‌!

විමධ්‍යගත අරමුදල් භාවිතා කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්. ටී. ටී. ඊ. සොහොන් බිමක්‌ ඉදිකිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳව කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගෙන් වහාම වාර්තාවක්‌ කැඳවන බවත්, එසේ යම් ඉදිකිරීමක්‌ සිදු කෙරෙන්නේ නම් එය තාවකාලිකව නතර කරන ලෙස උපදෙස්‌ ලබාදී ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. පුවත්පත් විසින් වාර්තා කර තිබූ …

Continue Reading

මහවිරු සැමරුම සැමරූ අය සොයා ආරක්ෂ අංශ සීරුවෙන්

හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බවයි. ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අදාළ පුද්ගලයින් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Continue Reading

මහින්ද යළි කොන්ඩමයක් වේයැ’යි බියෙන් පසු බසී!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපක්‍රමශීලි දේශපාලනය තුළින් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේදී තමාට අත්කර දුන් ඉරණම යළිත් එලෙසම ලබාදේවියැ’යි බියෙන් ඔහු දේශපාලනික යළිත් පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එය ප.ප.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයකින් වඩාත් තහවුරු වේ. ආප්ප න්‍යාය …

Continue Reading

ජනපති විවේචනය කළ එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් ප්‍රහාරයක්!

දේශපාලනයේ දී වගකීමෙන් ක්‍රියා කරන ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27) දැඩි ලෙස අවවාද කර ඇත. සම්මුතිවාදී ජාතික රජයේ පවතින එකඟතාවයන්ට හානිවන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) සවස පැවැති …

Continue Reading

ඡන්දය කල් දමන පෙත්සමට එරෙහිව නීතිපතිගෙන් මෝසමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද කොට්ඨාස සහ සභිකයින් සංඛ්‍යාව ප්‍රකාශ කරමින් පසුගිය පෙබරවාරි මස නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කර එම නිෙයා්ගයට අදාළ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (27) පෙත්සමක් ගොනු කළේය. එම රිට් පෙත්සම මෙම නොවැම්බර් මස 30 වැනිදා අධිකරණය හමුවේ කැඳවන …

Continue Reading