මහින්දට අගමැතිකම දෙනවා නම් අපි සූදානම් – ඒකාබද්ධය

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබා දීමට ආරාධනා කරන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවන ආකාරයත් මන්ත්‍රීධූර 114ක් ලබා ගන්නා ආකාරයත් පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඊයේ(21) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කිසි විටෙකත් ඒකාබද්ධ විපක්ෂය අවස්ථාවක් නොඉල්ලු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා හමුවු බවත්, ජනාධිපතිවරයාට ශ්‍රි …

Continue Reading

‍ලසන්ත ඝාතනය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගෙන් රහසිගත ප්‍රකාශයක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් සිදු කර තිබේ. අද අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඊයේ(21) මහේස්ත්‍රාත් නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි. ඔහු ස්වේච්ඡාවෙන්ම මෙම ප්‍රකාශය සිදුකරන බව හේමන්ත අධිකාරි මහතා මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබේ. පැය …

Continue Reading

මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස …

Continue Reading

කහගොල්ලේදී බස් රථයේ පුපුරාගිය අත් බෝම්බය හමුදා සෙබළෙකුගේ දැයි සැකයක්!

බණ්ඩාරවෙල කහගොල්ලේදී මගී බස් රථයක වූ පිපිරීමට හේතුව අත් බෝම්බයක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. අද (21) උදෑසන දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. තුවාල ලැබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ද ඒ අතර වෙයි. ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වයට බරපතල බව දියතලාව මුලික …

Continue Reading

ආණ්ඩුවේ අස්ථාවරත්වයෙන් රටම අරාජික වෙලා – කු.පා.ම.මහින්ද

අද වන විට ආණ්ඩුවක් රට තුළ නොමැති බවත් රට අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(21) බත්තරමුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, ජාතික ආණ්ඩුවේ කාලය පැහැදිලි ලෙසම නිමා වී ඇති බවත් ඒ අනුව පියවර ගත …

Continue Reading

කැබිනට් සංශෝධනය කල්මැරීමෙන් ඉස්මතු වන රනිල්ගේ මීලඟ කුමන්ත්‍රණය (විශේෂ)

අද(21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය රනිල් විසින් ක්‍රමිකව හෙටට කල් දැමූ අතර හෙටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ. මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය සිදු නොකෙරෙන තැනට වැඩ කරමින් සිටී. අද රනිල් වික්‍රමසිංහ විසින් යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් …

Continue Reading

ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් උතුරට ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ …

Continue Reading

නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේ

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ. ජාතික ආර්ථික සභාව ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි. ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී …

Continue Reading

උදයංග වීරතුංග නිසා නිලධාරීන්ට තවත් ඩුබායි සංචාරයක් හිමිවෙයි

රුසියාවේ හිටපු තානාපති රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙන්ම කළු සල්ලි සුදු කිරීමේ කටයුතු සිදුකරන උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ කණ්ඩායමක් ඊයේ (20) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත. කුප්‍රකට වීරතුංගට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් අන්තර්ජාතික වරෙන්තුවක් රැගෙන එම කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …

Continue Reading

බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න සටන් කරන්න වෙලා- විමල් (Video)

දහනව වැනි සංශෝධනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත්, අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයා කවුද යන්න අද රටටම පෙනෙනා බවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, “අපි ජනාධිපතිතුමාට බොහොම …

Continue Reading