උදයංග වීරතුංග නිසා නිලධාරීන්ට තවත් ඩුබායි සංචාරයක් හිමිවෙයි

Spread the love

රුසියාවේ හිටපු තානාපති රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙන්ම කළු සල්ලි සුදු කිරීමේ කටයුතු සිදුකරන උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ කණ්ඩායමක් ඊයේ (20) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.

කුප්‍රකට වීරතුංගට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් අන්තර්ජාතික වරෙන්තුවක් රැගෙන එම කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී. පියන්ත මහතා ඇතුළු පිරිසක් මෙසේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පසුගිය 08දා හා 09දා හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලලිත් වීරතුංග මෙරටට රැගෙන ඒමට ඩුබායි බලා ගියද ඒ වනවිට වීරතුංගට එරෙහිව අධිකරණයෙන් නිල් වරෙන්තුවක් නිකුත් කර තිබීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.

කුප්‍රකට උදයංග විරතුංග සිය පවුලේ අය සමග ඇමරිකාව බලා යාමට උත්සා කිරීමේදී ඩුබායි ගුවන් තොටුපොළේ දී පසුගිය 04 දා එරට ආගමන විගමන නිලධාරීන් විසින් රඳවාගෙන පසුව දින දෙකකින් නිදහස් කළේ ය.

විරතුංගට එරෙහිව මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවකට ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

නිල් වරෙන්තුවකින් නෛතික කටයුතු කළ හැක්කේ රදවා ප්‍රශ්න කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකා රජයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඩුබායි රට බලා යෑමෙන් අනතුරුව නැවත රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර් ජාතික පොලීසිය ( Interpol) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව මෙම කණ්ඩායම නැමත ඊයේ දින රතු වරෙන්තුවක් සහිතව මෙසේ පිටත්ව ගොස් තිබේ.

ආශ්‍රිත පුවත්: උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් සහ සැලසුම්කරුවන් හඳුනාගන්න (විශේෂ)

RSL

Related Posts