නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේ

Spread the love

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ.

ජාතික ආර්ථික සභාව ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි.

ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිතුමා පසුගිය වසරේදී ජාතික ආර්ථික සභාව පත්කරන ලද අතර එය මෙවර රැස්වූයේ 8 වැනි වරටය.

රනිල් වික්‍රමසිංහ මහතා සහ අැමැතිවරුන් වන සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා,මංගල සමරවීර, ජෝන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, ෆයිසර් මුස්තාෆා, නවීන් දිසානායක යන මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමැති මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග,ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රුවන්චන්ද්‍ර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.

RSL

Related Posts