වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් ඉහළ ගිහින්

රට පුරා වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසනවා. 2021 වසරේදී වාහන 1405 ක් සොරකම් කර ඇති බවත් එසේම 2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා වාහන 1406 ක් සොරකම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ඒ අනුව බස් රථ 12 ක්, වෑන් රථ 25 ක්, …

Continue Reading

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 06 ක්

නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් 06ක් ඉදිරිපත් කර තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ සෙසු පුරවැසියන් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. යෝජිත නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර …

Continue Reading

මහ බැංකු අධිපති හා ඇමෙරිකානු නියෝජිතයින් අතර හමුවක්

මෙරට සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ ආසියානු කලාපීය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත්, භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හමුවී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට ඇති කරගෙන ඇති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි මෙරට අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් සඳහන් කළේ. මෙරට මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි තිරසාර විසඳුම් සහ ආර්ථිකය …

Continue Reading

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එසේම ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ …

Continue Reading

කැසිනෝ, ඔට්ටු සහ සූදු බදු ඉහළට

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 ක් දක්වා පසුගිය අගෝස්තු 1 වනදා සිට ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණින්, ඔට්ටු සහ සූදු පනත ද සංශෝධනය කරන බවයි සඳහන් වන්නේ. – බදුවැඩි කළ ආකාරය පහතින්. සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් …

Continue Reading

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ …

Continue Reading

හෙට අර්ධ සූර්යග්‍රහණයක්

හෙට (25) දිනයේ අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වන අතර ශ්‍රී ලංකාවේ මෙම සූර්යග්‍රහණය යාපනය, කොළඹට හොඳින් දිස්වන බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් …

Continue Reading

කංසා කියන දෙය මත්ද්‍රව්‍යයක් විදියට තිබිය යුතුයි

කංසා මත්ද්‍රව්‍යයක් ලෙස මෙරට පැවතිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. තමා සැමවිට අදහස් කරන්නේ Industrial Hemp නමින් හඳුන්වන කංසා විශේෂය ගැන බවද, එය බොහෝ අය පටලවාගෙන ඇති බවද ඇය පෙන්වා දෙනවා. මෙම කංසා විශේෂය අපනයනය අරමුණු කරගනිමින් වගා කළ යුතු බවද, එය දුමක් ලෙස භාවිතා කළද කිසිවෙකුට හානියක් නොවන බවද ඇය සඳහන් කරනවා. ඒ හරහා කර්මාන්ත බිහිවනු …

Continue Reading

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (22) සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහ්න 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02,03,04,05,07,08,09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ. මහ කොළඹ ජල හා අපජල කළමනාකරණයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට …

Continue Reading

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ඉදිකිරීම් …

Continue Reading