හෙට අර්ධ සූර්යග්‍රහණයක්

Spread the love

හෙට (25) දිනයේ අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වන අතර ශ්‍රී ලංකාවේ මෙම සූර්යග්‍රහණය යාපනය, කොළඹට හොඳින් දිස්වන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළම නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක පමණ කාලයක් අර්ධ සුර්යග්‍රහණය දිස්වන බවයි මහාචාර්යය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts