දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Spread the love

පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඩනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්තනපුර, නිවිතිගල, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.

Related Posts