හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Spread the love

හෙට (22) සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහ්න 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02,03,04,05,07,08,09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts