බොරළුගොඩයා බොරු කියන්නේ මෙන්න මෙහෙමයි

Spread the love

Dinesh-Gunawardenaපාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා දක්ෂ කථිකයෙකු සහ කෘතහස්ත දේශපාලඥයෙකු වු අතර ඔහුට ‘බොරළුගොඩ සිංහයා’ නම් නාමය පටබැඳින.

ඔහුගේ පුත්‍රයා වන දිනේෂ ගුණවර්ධන ඔහුගේ කටහඬ සහ වාග් විලාශය අනුකරණය කිරීමට උත්සහ කළද පාර්ලිමේන්තුව තුළ දිනේෂ්ගේ බෙරිහන් දීම මහත් හිසරදයක් වී ඇත. නිතරම තම ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කථනයට බාධා කරන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නිරතුරුවම කියන්නේ ඇඳබාන්නේ බොරු සහ කෙබරය.

ඊයේද(21) මහ හඬින් පාර්ලිමේන්තු සභාව ඉදිරියේ එවැනි මහ කෙබරයක් ඇඳ බෑවේය. අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට පාර්ලිමේන්තුවට පැමිණීමට නොදෙතියි කියමින් කාලගෝට්ටියක් ඇතිකිරීමට උත්සහ ගත් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය තවත් බොරු කෙබරයක් කරමින් උදය ගම්මන්පිළ පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය පහත වීඩියෝව සාක්ෂි සපයයි. එදා සිටි ‘බොරළුගොඩ සිංහයා’ වෙනුවට අද පාර්ලිමේන්තුවේ මහ හඬින් බෙරිහන් දෙමින් කාලගෝට්ටි ඇතිකරන ‘බොරළුගොඩ සිපයියෙකු’ බිහිව ඇත.

RSL

Related Posts