අනුමත ණයට වඩා රජය දෙගුණයක් ණය අරන්

Spread the love

How-to-Get-Loansවිසර්ජන පනත මගින් 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තු අනුමත කළ ණය සීමාව වගේ දෙගුණයක ණය ප්‍රමාණයක් රජය ලබා ගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) රජයෙන් ප්‍රශ්න කළේය.

මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 වාර්ෂික වාර්තාවේ 365 පිටුවේ ඇති විගණකාධිපති වාර්තාවේ මේ බව දක්වා ඇතැයිද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා කීවේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක: 2014 අංක 41 දරන විසර්ජන පනතේ 2(1)(ආ) වගන්තිය ප්‍රකාරව 2015 වර්ෂයේදී ආණ්ඩුව වෙනුවෙන් අදාළ නීති ප්‍රකාරව රුපියල් බිලියන 1780ක් නොඉක්මවන සේ ණය ලබා ගැනීමට හැකි වුවත්, ජනරජයේ මූල්‍ය ප්‍රකාශය අනුව සමාලෝචිත වර්ෂයේදී දේශීය හා විදේශීය ණය වශයෙන් රුපියල් බිලියන 3349ක් ලබා ගෙන තිබෙන බව විගණකාධිපතිවරයා කියනවා. එය පාර්ලිමේන්තුව අනුමත කළ ණය සීමාව රුපියල් බිලියන 1569ක ඉක්මවා යාමක්.

අනුර කුමාර දිසානායක: මෙය පාර්ලිමේන්තුව අනුමත කළ ණය සීමාව වගේ දෙගුණයක්. මෙහෙම ණය ගන්න අවසර දුන්නේ කවුද…. පාර්ලිමේන්තුව අනුමත කළ ණය සීමාව පාර්ලිමේන්තුවට නොදන්වා වැඩි කළේ කොහොමද…. ආණ්ඩුව මේකට පිළිතුරු දෙන්න.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා: මේක විගණකාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිසා මම මේ ගැන සොයා බලා හෙට පිළිතුරක් දෙන්නම්.

-ලක්බිම-

RSL

Related Posts