අර්ජුන් මහේන්ද්‍රන්ගේ තවත් ජාවාරමක් වෙනුවෙන් යහපාලනයෙන් අතහිත
- RSL
- March 22, 2017
- පුවත් සහ වාර්තා
- arjuna mahendran bond scam, news, Ranil Wickeramasinghe, Ravi Karunanayake, reports
- 0 Comments
මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඇලෝසියස්‌ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි.
2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා කර ඇති අතර, ඒ අනුව එම වාසිය මෙම සමාගමට හිමි වේ.
මෙම නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් මේ වන විට නතර වී ඇත්තේ කෝරලෙයිපත්තු ප්‍රාදේශීය සභාව හා නැගෙනහිර පළාත් සභාවෙන් මේ සඳහා විරෝධය පළ වී ඇති නිසාය.
ජනතා මුදල් වංචණික ලෙස යොදාගනිමින් තම ව්‍යාපාර ලාභ ලබන තත්වයට පත්කරගත් කූඨ සමාගම්වලට එරෙහිව නීතිය මගින් කටයුතු කර එම මුදල් ආපසු අයකරගැනීමට කටයුතු නොකර මෙලෙස බදු සහන ලබාදෙමින් රට තුළ තව තවත් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවස්ථාව සලසාදීමට යහපාලනය වෙනුවෙන් ප්‍රතිඥා දෙමින් පැමිණි ආණ්ඩුව කටයුතු කරමින් සිටීමට එරෙහිව රටේ සියළුම ජනතාව නැගී සිටිය යුතු කාලය පැමිණ ඇතැයි දුෂණ විරෝදී සංවිධාන අවධාරණය කරයි.