රනිල්ගේ ප්‍රජාතන්තරේ ගැන බාහු කියයි!

Spread the love

bahu

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රක්ෂිත බන්ධනාගාරගත කර ඊයේ (21) දිනයට දින 100ක් ගත වී ඇත. ඔහු නායකත්වය දරන පක්ෂයේ සාමාජිකයෝ මේ තත්වය වෙනස් කරගන්නට බොහෝ වෙහෙස දරති. කුමාර් ගුණරත්නට නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය ලබා දිය යුතු බව අපිදු පෙර ලියුවෙමු. ඔහු අත්අඩංගුවේ ඉන්නේ දේශපාලන හේතු මත බව පැහැදිලිව පෙනෙන කරුණකි.

මේ තත්වය ගැන පැවති උද්ඝෝෂණයක දී නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ අගමැති රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යි. එය පහතින් පළ කරමු.

“ජනාධිපති, අගමැති ලෝකයට ගිහින් කියන්නේ දේශපාලන සිරකරුවන් නැහැ කියලා. මහ ලොකුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන මේ අය කුමාර් ගුණරත්නම් සහෝදරයා දින 100ක් තිස්සේ රඳවාගෙන ඉන්නවා. අපි අහනවා කුමාර් ගුණරත්නම් සහෝදරයා වගේම දේශපාලන සිරකරුවන් මෙලෙස රඳවාගෙන ඉන්න එකෙන් ආණ්ඩුවට මොනවද හම්බවෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි කියනවා වහාම කුමාර් ගුණරත්නම් සහෝදරයා නිදහස් කරලා ඔහුගේ දේශපාලන අයිතිය ලබාදෙන්න කියලා.”

Loading...

RSL

Related Posts