‘ලංකාවේ කාන්තාවෝ ගැන’ අමිහිරි ජාත්‍යන්තර හෙළිදරව්වක් !

කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය පිළිබඳ වාර්ෂික වාර්තාවකට අනුව 2006 වසරේ සිට 2021 වන විට ශ්‍රී ලංකාව ස්ථාන 113ක් පහත වැටී තිබේ. 2021 ලෝක ආර්ථික සංසදය (WEF) නිකුත් කළ වාර්තාවට අනුව, 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ පරතරය අවම මට්ටමක තිබුණු අතර ලෝකයේ රටවල් 156ක් අතරින් 13 වෙනි ස්ථානයේ පසු විය. නමුත් 2021 වාර්තාවේ …

Continue Reading

ඉන්දිය කොවිඩ් සුනාමිය අස්සේ ‘මෝදි ආණ්ඩුව’ ප්‍රාන්ත මැතිවරණවලිනුත් බැටකයි !

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි විය. මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි. එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය. භාරතීය ජනතා පක්ෂය (බීජේපී) අසාමයේ බලය රැක ගත්ත ද සෙසු …

Continue Reading

Covid-19 ආරක්ෂා වීමට ‘ගර්භණී මවුවරුන්ට‘ විශේෂ උපදෙස් මාලාවක්

මේ වන විට රෝහල් කිහිපයකින්ම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ සිල්වා මහත්මිය මෙසේ ද පැවසුවාය. ‘‘විශේෂයෙන් ම මේ වන විට පවතින කොවිඩ් වෛරසය දරුවන් ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් …

Continue Reading

මෙරට කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම සංඛ්‍යාව වාර්තා වෙයි !

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (03) වාර්තා වී තිබෙනවා. අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ අද දින නව කොවිඩ් ආසාදිතයින් 1913 දෙනකු වාර්තා වූ බවයි.

Continue Reading

ඇතෙක් විදුලි රැහැනකට බිලි

තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් තිබෙනවා. මෙම ඇතාගේ වයස අවුරුදු 25ක් පමණ වන බවත් පසුගිය 02 වැනිදා අලුයම මෙම ඇතා ඝාතනය වී ඇති බවත් වනජීවී නිලධාරීන් පවසනවා. ලංකාව ලෝකයේ වැඩියෙන්ම අලි ඝාතන කරන රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබුණත් දෛනිකව සිදුවන මෙවැනි අලි ඝාතනවලට එරෙහිව තිරසර පියවරක් ගන්නා බවට පෙනී නොයන …

Continue Reading

‘පූජිත්ට සහ හේමසිරිට එරෙහිව’ චෝදනා 1728ක් යටතේ අපරාධ නඩු ගොනු කරනවා – නීතිපති කියයි

ඉතා පැහැදිලි බුද්ධි අංශ වාර්තා ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ …

Continue Reading

ආණ්ඩුවේ කොරා්නා පාලනයත් ‘ධම්මික පැණිය වගෙයි’ – බිමල් රත්නායක

‘අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය තම නොහැකියාව හා උද්ධච්ච හැසිරීම වසා ගැනීමට පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා‘‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී …

Continue Reading

ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209 ක ජයක්

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 10 ක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට වුණු ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 209 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය. සිව්වැනි …

Continue Reading

පිටසක්වලට පාර කියන රහස් දොරටුව තියන්නේ ‘රන්මසු උයනේ ද ?’

ලෝ ප්‍රකට බී.බී.සී වෙඩ් අඩවියේ වඩාත් ජනප්‍රිය අංශයක් වන ‘සාංචාරක“ විශේෂාංගය යටතේ අද (03) ලංකාවට අතිෂය වැදගත් විශේෂාංගයක් පළ කර තිබෙනවා. The Unsolved mystery of Sri Lankan’s Stargate’ එම ලිපියෙන් ජාත්‍යන්තර සංචාරකයින්ගේ අවධානය යොමු කරන්නේ අනුරාධපුරයේ රන්මසු උයනේ පිහිටි අපූරු සිතියම වෙතයි. මේ කතාව ඔබ හොදින් දන්නා කතාවක් වුණත් ඒ ගැන ඔබ තවත් නොදැන සිටි කතා කිහිපයක් දැන් දැන ගන්න …

Continue Reading

Covid-19 ආසාදිතයින් 1843ක්

අද (02) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1843 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111,705ක් දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

Continue Reading