‘උසස් පෙළ නියමිත සුදුසුකම් නැති නම්’ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ
උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු …
Continue Reading
ප්‍රබල ඉල්ලීමට Lockdoun හකුලා ගත් ‘පිළියන්දල දැල්තර’ PCR කළ 268/147 කට කොවිඩ් !
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයේ පසුගිය 30 වැනිදා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 268කින් කොවිඩ් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී තිබෙනවා. සිදුකළ පී.සීආර් පරීක්ෂණවලින් 55%ක් වැනි ආසාදිතයින් පිරිසක් හමුවීම තුළ මෙම සිදුවීම බරපතළ තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ කියන්නේ. පිළියන්දල පොලිස් වසයම හුදකලා කිරීමට ගත් තීරණය ‘ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් “ මත හකුලා ගැනීමට …
Continue Reading
කොවිඩ් මර්දනයට ‘පොලිසියට’ තවත් බලතල දෙන චක්‍රලේඛ 02ක්
පසුගිය දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ්-19 මර්දන නව සෞඛ්‍ය නිර්ණායකවලට අනුව ක්‍රියාත්මක වීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පොලිස් මූලස්ථානය විසින් නව චක්‍රලේඛ දෙකක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. නව චක්‍ර ලේඛවල අන්තර්ගතය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය …
Continue Reading
‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළොත් තවත් වෛරස් රැල්ලක්’
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා සීග‍්‍රයෙන් කොවිඞ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අද (05) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දීයි. මෙහිදී සිය මතය තහවුරු කරමින් අදහස් දැක්වූ …
Continue Reading
මෙරට Covid-19 ආසාදිත පළමු ගැබිනි මරණය වාර්තා වෙයි
කොරෝනා-19 වයිරසය ආසාදිත 45 හැවිදිරි ගර්භණී කාන්තාවක් අද අළුයම (05) රාගම රෝහලේදී මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙය ලංකාවෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මාතෘ මරණය බවයි එම වාර්තාව කියන්නේ. මෙසේ මියගොස් ඇත්තේ රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය මෙලෙස මරණයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිට අසාධ්‍ය වීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම සඳහා …
Continue Reading
නව වෛරස් ප්‍රභේදය සුලමුල දන්නේ නෑ – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන
මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් රටේ පැතිර ගොස් ඇති බවත් ඉන්දියාවේ පැතිර ඇති වෛරස මේ දක්වා මෙරටින් හමුවී නැති බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) දින කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ පැවසීය. මෙහිදී වැඩි දුරටත් …
Continue Reading
අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB)අධිපතිධුරය හොබවමින් සිටියේය. ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින …
Continue Reading
ජනපති පාර්ලිමේන්තුවට යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ යූ.කේ. සුමිත් යන මහත්වරු විසින් පාර්ලිමේන්තු සංකීර්ණය අභියසදී ජනාධිපතිතුමා පිළිගනු ලැබීය. පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනපතිවරයා එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය. නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා සභාවේ අසුන් ගත් පස්වන අවස්ථාව මෙයයි.
Continue Reading
‘වරාය නගර පනත සම්මත කර ගන්නට ආණ්ඩුවට මේ තරම් හදිසි ඇයි ?’ – ජවිපෙ නායක අනුර කුමාර
කොළඹ වරාය නගර සංවර්ධන පනතට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වල තීන්දුව ප්‍රකාශ කිරීමටත් පෙර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය තුළින් එහි භයානකකම තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ජවිපෙ නායකයා මේ අදහස් පවසා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (04) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය…. “ආණ්ඩුව විසින් පසුගිය අප්‍රෙල් …
Continue Reading
2020 උසස් පෙළ විභග ප්‍රතිඵල නිකුත් වෙයි
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. 2020 උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන සිසුන්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල බලා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
Continue Reading