මෙරට Covid-19 ආසාදිත පළමු ගැබිනි මරණය වාර්තා වෙයි

Spread the love

කොරෝනා-19 වයිරසය ආසාදිත 45 හැවිදිරි ගර්භණී කාන්තාවක් අද අළුයම (05) රාගම රෝහලේදී මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙය ලංකාවෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මාතෘ මරණය බවයි එම වාර්තාව කියන්නේ. මෙසේ මියගොස් ඇත්තේ රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය මෙලෙස මරණයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිට අසාධ්‍ය වීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටියදීයි.

මේ අතර එකම නිවසක වාසය කළ තිදෙනෙක් ද කොවිඩ්-19 ආසාදනය වීම නිසා මියගොස් තිබෙනවා.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළක් සහ ඥාති කාන්තාවක් මරණයට පත්ව ඇති බවයි තලංගම පොලිසිය කියන්නේ.

මියගිය අඹුසැමි යුවළ වයස අවුරුදු 86 ,94 වැනි වියේ පසු වූ අතර ඥාති කාන්තාව 82 හැවිරිදි වියේ පසුවී තිබෙනවා. මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයකු බවත් ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියක බවත් තලංගම පොලිසිය පැවසුවා.

Related Posts