නව වෛරස් ප්‍රභේදය සුලමුල දන්නේ නෑ – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

Spread the love

මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් රටේ පැතිර ගොස් ඇති බවත් ඉන්දියාවේ පැතිර ඇති වෛරස මේ දක්වා මෙරටින් හමුවී නැති බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) දින කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ පැවසීය.

මෙහිදී වැඩි දුරටත් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා, ‘‘බ්‍රිතාන්‍ය ප්‍රභේදය අද ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මෙම බ්‍රිතාන්‍ය ප්‍රභේදය නිසා. ඉන්දියානු ප්‍රභේදය වෙනස්වීම් දෙකකට ලක්ව ඇති බවයි මේ වන විට සොයා ගෙන තිබෙන්නේ.

‘‘අත්‍යවශ්‍ය ඖෂධ රටේ නැතැයි විපක්ෂය නගන චෝදනාව අමූලික බොරුවක්. අත්‍යවශ්‍ය ඖෂධ 646න් හිඟයක් පවතින්නේ නමයක පමණයි. මේ කලාපයේ එන්නත් කරන වැඩපිළිවෙල මුලින්ම ආරම්භ කළේ ශ්‍රී ලංකාව යි. ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වය නිසා අප ගැටලුවකට මුහුණ දී ඇති බව ඇත්තක්. ඒ නිසා එන්නත් ලක්ෂ හයක අඩුවක් අපට තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතලබාගැනීමට ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යනවා. ජනාධිපතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා නිසා අපට පහසුවෙන් මේ ඉලක්කයට යන්න පුළුවන්‘ යැයි ද කීවේය.

Related Posts