Covid-19 Local Hot: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් බරපතළ අනතුරු ඇගයීමක්

ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අනතුරු අගවයි. මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ද එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය. “මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. …

Continue Reading

උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී 3.9% දක්වා පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 9.6හි සිට 2021 අප්‍රේල් මාසයේ …

Continue Reading

ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකාව තුළ දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අලුතින් මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබීය. සෙනසුරාදා (මැයි 01) අලුතින් රෝගීන් 1,716 ක් වාර්තා වූ අතර නොනවත්වා රෝගීන් 1,000 ඉක්මවා වාර්තා වූ පස් වෙනි දිනය මෙයයි. ඒ අනුව නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාව මැයි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත …

Continue Reading

බංග්ලාදේශය අසීරු තත්ත්වයක – ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 437 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම සිව්වැනි දිනය අවසන් වීමට මත්තෙන් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සමත්වූහ. අයහපත් ආලෝක තත්ත්වය තරගයට බාධා පැමිණෙන විටත් බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය. තවත් පන්දුවාර 12 ක් ඉතිරිව තිබියදී සිව්වැනි දිනට තරගය අහවර කරද්දී බංග්ලාදේශ කණ්ඩායම …

Continue Reading

මංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන් අවුරුදු 7 දී අම්මට කිව්ව දේ

දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇතුළත දෙපිළේම කඩුලු 13 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 කුත් (පළමු ඉනිමේ එක් කඩුල්ලක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන්) බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 10 කුත් තෙවැනි දිනයේ බිඳ වැටුණු කඩුලු 13 ට අයත් විය. ඒ අතරින් කඩුලු 6 කම  හිමිකරුවා බවට පත්වූයේ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමය. තම මංගල තරගයට …

Continue Reading

Covid-19 World Hot: කොරෝනා මරණ ආදාහනය සඳහා දිල්ලි නුවර ඉඩ මදි වේ

සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත. වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විනාශකාරී ලෙස පැතිරෙමින් තිබෙන අතර බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 29) නව රෝගීන් 386,452 ක් වාර්තා වී තිබේ. එය එක්දිනක් තුළ රටකින් වාර්තා වූ විශාලතම රෝගීන් සංඛ්‍යාවයි. රට පුරා …

Continue Reading

ශ්‍රී ලංකාවේ ඉලක්කයට’ කාලගුණය හරස් වෙයි : 496/4යි

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා දමන විට කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබාගෙන සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ දෙවැනි දිනය තුළදී ලකුණු 600 ක් ලබා ගැනීම වුවත් ඉලක්ක ගත අරමුණ කරා යෑමට …

Continue Reading

ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් රැස්වේ

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී. එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සම්පූර්ණ දිනය තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් …

Continue Reading

නව කොවිඩ් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්

වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතාගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් …

Continue Reading

වසවිස නැති ගොවිතැනට මග කියන ‘යහපත් කෘෂිකාර්මික පිළිවෙත් – GAP’ ලංකාවට අකැප ද ?

ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන …

Continue Reading