එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තත් ‘විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත්’ කොවිඩ්

තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියයි. ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ජයරුවන් බණ්ඩාර මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව ද පැවසීය. ජයරුවන් බණ්ඩාර …

Continue Reading

එංගලන්තයේදී පිස්සු නැටූ ධනුෂ්ක – කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන්ට වැඩ වරදී

පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් හා දඩයක් පැණවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ පංච පුද්ගල කමිටුව තීරණය කර ඇත. මේ තීන්දුව අනුව ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් හට වසර දෙකක තරග තහනමකුත් නිරෝෂන් දික්වැල්ල හට මාස 18ක ක්‍රිකට් තහනමකුත් පැනවීමට අමතර තිදෙනාට ඇමරිකන් ඩොලර් 25,000ක දඩයක්ද නියම කිරීමටත් …

Continue Reading

ලොව හොඳම T-20 පන්දු යවන්නන් අතර වනිඳු දෙවැනි තැනට

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්වී සිටියි. මේ වන විට 23 වැනි වියේ පසුවන දකුණතින් පන්දු යවන වනිඳු, ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමක දිනාගත් ඉහළම ස්ථානය ලෙසින්ද මෙය සටහන් වෙයි. ඉන්දියාවට එරෙහිව ඉකුත් 25 වැනිදා පැවැති තරගයත් සමඟ මේ දක්වා විස්සයි-20 තරග @ කට ක්‍රීඩා කර …

Continue Reading

අන්තර් පළාත් බස් මගීන්ට අතිෂය වැදගත් පුවතක්

අගෝස්තු 1 වනදා සිට අන්තර් පළාත් ගමන් සඳහා COVID එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි. එන්නත ලබා දුන් බවට සාක්ෂි ලෙස හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. එවැනි ලියවිල්ලක් අන්තර් පළාත් …

Continue Reading

ලංකාවේ ළමුන් 17,629කගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරලා

පසුගිය ජූනි මස 17 දා සිට ජූලි 28 දක්වා සිදුකළ නිරීක්ෂණයකදී දරුවන් යොදා සිදුකල අසභ්‍ය දර්ශන (child ponography) අඩංගු විඩියෝ පට සහ ඡායාරූප 17,629ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන පරිගණක, ජංගම දුරකතන සහ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කර අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. “ළමා හා කාන්තා කාර්යංශය සහ පොලිසිය එක්ව මේවා කරන …

Continue Reading

දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

2020 වර්ෂය හා සංසන්දනය කරන විට 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත. දිවයිනේ අනෙක්  දිස්ත්‍රික්කවලට  සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින්  ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි  ප්‍රවණතාවයක් දැකිය හැක. 2021 වසරේ දී මේ දක්වා (2021. 07. 29 දින දක්වා) ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා …

Continue Reading

ඩොලර් හිඟය ‘කිරි වීදුරුවටත්‘ අත තියයි

ටයර්, විදුලි උපාංග, පොහොර, කෘෂි රසායන, ඖෂධ සහ ගෑස් හිඟය ට වඩා විශාල අසනහනයක් මතු කරමින් අගොස්තු මාසයේ කිරිපිටි/කිරි නිෂ්පාදන හිඟයක් මතු විය හැකි බව බහිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   ලංකාවේ එක් පුද්ගල කිරි පරිභෝජනය ලීටර් 35 කි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 2020 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 414 කි.  ඒ අනුව අපේ රටේ …

Continue Reading

‘මරණය පෙනි පෙනී ජ්‍යෙෂ්ඨ පුරවැසියක් කොවිඩ් එන්නත් ප්‍රතික්ෂේප කරනවා‘

COVID-19 එන්නත ලබා ගැනීම ජනතාවගෙන් කොටසක් නොසලකා හැරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. යළි ක්‍රමිකව ඉහළ යමින් පවතින COVID-19 මරණ හේතුවෙන් මෙය අවධානයට ලක් වී තිබෙනවා. ධනාත්මක රෝගීන් සංඛ්‍යාව මධ්‍යස්ථ මට්ටමක පවතින නමුත් ආසාදිතයින් අඩුවීමක් දැකගත නොහැකිවීම ගැන බලධාරීන් දැඩි කණස්සල්ල පළකර තිබෙනවා. ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ කොවිඩ් එන්නත ලබා ගැනීමට ඇති …

Continue Reading

Covid-19 Hot: කොවිඩ් ආසාදිත මරණ 63ක්

අද (28) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කරන ලද වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 63 දෙනකු මිය ගොස් තිබේ. මියගිය අය අතර පිරිමි 35 දෙනකු සහ කාන්තාවන් 28 දෙනකු සිටින අතර ඔවුන්ගෙන් 51 දෙනකු වයස අවුරුදු 60ට වැඩි අය වේ. අදාළ නිල වාර්තාව පහත පළ වේ.

Continue Reading

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ‘මහ බැංකුවේ ණය’ රු. ට්‍රිලියනය පනී

ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් රටට-ලෝකයට  ණය වී ඇත. මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්වූවේ ගියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.     භාණ්ඩාගාර බිල්පත්වලට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. සරළව පවසන්නේ නම් බිලියන …

Continue Reading